advertistment

advertistment

Saturday, January 3, 2015

මහින්දට එරෙහිව මහින්ද,Facts behind the truth

ඔබේ ඡන්දය මේ තරම් වටින්නේ ඇයි?
                                         අපි අපේ  චන්දය දැමීමේ දී, වෛරය, ද්වේෂය, කුහකකම,ඊර්ෂ්‍යාව අතහැර;  බුද්ධිමත්ව රට ගැන සිතා ඡන්දය පාවිච්චි කළ යුතුය. අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ පුද්ගලයෙකු දින වීමට හෝ පරාජය කිරීමට නොව රට දිනවීමට බව හොදින් මතක තබා ගත යුතු කරුණකි.
අද වෙනසක් ගැන කතා කරන අය

බලාපොරොත්තු වන්නේ  පුද්ගල වෙනසකි.
ඒ සදහා මහින්ද රාජපක්ෂට විරුද්ධව කුමන පුද්ගලයෙකු තරග කළද ඔවුන්ට කමෙක් නැත. ඔවුන්ට වෙනස සදහා පඹයෙකු වුවද කමෙක් නැත. මේ රටේ ඉතිහාසය පුරාවටම සිදු වූයේ එයයි.
රට එක් සේසත් කර, රට සංවර්ධනය කර, ජන ජීවිතය යහපත් වන විට කුමන හෝ  බලවේගයක් ඉදිරිපත් වී රට අගාධයට ඇද දමයි. වෙනසක්  බලාපොරොත්තු  විය යුත්තේ රට අදට වඩා හොද තත්වයට පත් වීම තුලින් පමණි.
මොහොතක් අවංකව කුහකකමින් තොරව සිතා බලන්න. 

අද රටේ පැහැදිලි යහපත් වෙනසක් නැද්ද?
මහින්ද රාජපක්ෂ  එය සිදු කර නැද්ද?
පළමුව එතුමා කළ හොඳ  ගැන  සිතා බලන්න.
පසුව නරක ගැන සිතන්න.වෙනසක් සදහා කෑ ගසන අයගේ සටන් පාඨය දූෂන සහ හොරකමය .
ඇත්තටම එවැන්නක් නරකක්  ඔය කියන තරමට සිදුවී තිබේද. නැත. මෙය, 

මහින්දගේ පාලනය ගැන  පොදු ජනතාව තුල වෛරය පැතිරවීමට කරන ලද්දකි.  ඔය දූෂණය ගැන කතා කරන අය අතිශය පිරිසිදුද?
චන්ද්‍රිකා. රනිල්, රාජිත,  සිරිසේන පිරිසිදුද.  ඔවුන් අතිතයේ කළ දේ ගැන සාක්ෂි ඇත. සිරිසේනගේ යහපාලනය ගැන පොළොන්නරුවෙන් සහ මහවැලි අමාත ශයේ සේවකයන් දනිති. 1999-2000 වකවානුවේදි පොළොන්නරැව මහ රෝහලේ සේවය කල අය ඊටත් වඩා හොදින් දනිති.
තවද යහපාලනයට උල්පන්දම් අල්ලන  ජ. වි.පෙ  ගැන කීමට ඇත්තේද  දන්නෝ දනිති කියා පමණි.
රතන හාමුදුරුවන් සහ චම්පිකගේ පිවිතුරු හෙට හදන්නේ උතුරින් හමුදාව ඉවත් කරලා ද?
යහ පාලනය සදහා සටන් වදින අය වෙනසක්  ඇති කරන්නේ  මෙහෙමද?,
රටේ ඒකීය භාවය රකින්නේ උතුරේ හමුදාව ඉවත් කරලා  ද?
13 වන ව්‍යවස්ථා  සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන්ද ?
භූමිය නොබෙදා තබා ගන්නේ උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමෙන් ද?
රටේ සංවර්ධනය නතර කරලා ද?
රටේ සංවර්ධනයට උදව් කරන චීනය එපා කියා බෙදුම්වාදයට උර දෙන කොටියට උදව් කරන ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයින්ට  අවශය දේ කරලාද  ද ?
ජාත්‍යන්තර මතය පෙරටු කොට යුධ අපරාධ ගැන පරීක්ෂණ කරලාද  ද?

නැවතත් ඔබම සිතා බලන්න.
මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ,
යුද්ධය අවසන් කළ නිසාද ?
රටට සාමය උදා කළ නිසා ද?
රට සංවර්ධනයේ මාවතට යොමු කළ නිසා ද?
විශ්වවිද්‍යාල වල සිසුන්ට උසස් අධ්‍යාපණයේ අවස්ථා වැඩි කළ නිසා ද?දසක ගණනාවක් පමා කරමින් පැවති තාක්ෂණ විශය ධාරාව රටේ දූ දරුවන්ට දායාද කළ නිසාද?

රාජ්‍ය  සේවයේ රැකියා අවස්ථා වැඩි කර
ජාතියේ  ශ්‍රමදායකත්වයේ අනාගතය සුරක්ශිත කළ නිසාද ?
රාජ්‍ය  දේපළ කුණු කොල්ලයට විකුණා නොදැමූ නිසා ද?
රට බෙදන්නට හොර ගිවිසුම් නොගැසූ නිසා ද?
බටහිර බලවත් රාජ්‍යයන් ඉදිරියේ නියම ලාංකිකයෙකු හා සිංහලයෙකු ලෙස හිස නොනමා සිටිය නිසා ද?

දෙමළ ජනයා මිනීමරු කොටි පීඩනයෙන් මුදවා ගත් නිසාද ?
අප ඡන්දය දැමීමට පෙර මේ ගැන වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුය බව ඔබට නොසිතෙන්නේද ?
වෛරයෙන් තොරව,
ඔබේම මව් රට ගැනත් 
ඔබේ දරුවාගේ අනාගතය  ගැනත් සිතා
ඔබ භාවිතා කරන ඔබේ ඡන්දයට,වටිනාකමක් දෙන්න.
වෙනසක්  බලාපොරොත්තුවෙන්
රැල්ලට හසුවී 
අන් අයගේ වෛරයේ අතකොලුවක්  වී
ඡන්දය පාවිච්චි නොකරන්න.මංමුලා වී
රට නැවත පෙර තිබූ අසරණ තත්වයට පත් වුවහොත්
එය නැවත නිවැරදි කල නොහැක...
එය නැවත නිවැරදි කල නොහැක...
ඔබ ජන්වාරි 08 වනදා වැරදි තීන්දුවක් ගත හොත්,
අනාගතයේදී
ඔබේ දරුවා ඔබට සාප කරනු ඇත.
එම සාපයෙන්
ඔබට කසිදා ගැලවීමක්ද  නොලැබෙනු ඇත...
********;;;;;;;;;;;;;;********;;;;;;;;;;;;;;;******

පසු වදන...
~~~~~~~
අප මාතෘ භූමියට අති මහත් සේවයක් කළ

අනගාරික ධර්මපාල තුමාටද 
කුහකයින් හොරා කියා හංවඩු ගැසූහ.
මේ රටේ ජනතාව එවැනි පිරිසකි.
බුද්ධිමත්  ඔබ,
එම පහත් තත්වයට  පත්නොවනු  ඇතැයි සිතමි.
ඔබේ ඡන්දය මෙතරම් වටින්නේ
ඇයි දැයි ඔබ දැන් දන්නවා නේද?
DRWJK.LK

 

No comments:

Post a Comment