advertistment

advertistment

Thursday, January 1, 2015

සභ්‍යත්ව විඥානයේ ඇණවුම​.


ඒකීය රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ රටට සතුරුව ක්‍රියා කළ රටේ පැවැත්ම අභියෝගයට ලක් කළ සතුරු පිළක් සහ ඒ අභියෝගයන්ට අභීතව මුහුණ දී රට රැක ගත් නායකයකු අතර බව පැහැදිලිය​.එහිදී දේශප්‍රේමී කවරෙකු හෝ මොනයම් ම හේතුවක් මත එම රට රැක ගත් නායකයාට එරෙහිව​,රට පාවා දුන් සතුරු නඩයට පක්‍ෂ වන්නේ නම්,එය ඔහු උපන් රටට කරන්නා වූ නැවත නිවැරදි කොට ගත නොහැකි මහත් වූ ද්‍රෝහී කමකි.රාවනා යුගයේ සිට වසර දහස් ගණනක් පුරාවට පෝෂණය වූ ශ්‍රී ලාංකේය ප්‍රෞඩ ජාතියේ සභ්‍යත්ව විඥානයට මුළුමනින්ම පිටු පෑමකි.යටත් විජිතකරණය මගින් ඊනියා පුනරුදය ඔස්සේ අන්‍යජාතීන් වහල්කරණයෙහි යොදවන,ආධ්‍යාත්මයද අලෙවි කොට ඇති බටහිරයින්ගේ ආරෝහණයට උපකාර කිරීමකි.
              පසුගිය අතීතයේ සිට මේ දක්වාම​,සමස්ථ පෘතුවියම ත්‍රස්තවාදය හමුවේ බියෙන් සලිතව ඇති මොහොතක,ලෝක ඉතිහාසයේ පැවති දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරදා මාතෘ භූමිය ලද විජයග්‍රහණය යුගයෙන් යුගය මේ රටේ උපදින දූ පුතුන්ට කියා දිය යුතු වීර කාව්‍යකි.එය හෝමර්ගේ Odyssey වීර කාව්‍යයට පසු ලියැවුණු ලොව පළමු යථාත්‍ය වීර චාරිකාවයි.එම ජයග්‍රහණය කිලිටි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබා සිහ නද නගමින්,සිංහ ධජය සෙවනෙහි අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යෑමට කැප වීම රටට ආදරය කරන සෑම ලාංකිකයෙකුගේම යුතුකම වන්නේය​.
අපමණ කැපවීම් කර දිනාගත් මව්බිම සදා රැක ගනිමු!

ඔසාමා 

No comments:

Post a Comment