advertistment

advertistment

Saturday, January 31, 2015

යළිත් මහින්ද සිහිවිය...



ජීවිතයේ තරුණ සමය ගෙවීයද්දී
දෛවෝපගත ලෙස
මට 
රණසිංහ ප්‍රේමදාස නම් අරුම පුදුම මිනිසා හමුවිය,
එය අහම්බයකි...ඒත් ඒ හමුවීම ඓතිහාසිකය
රණසිංහ ප්‍රේමදාසයන්.............. බැහැ,අපහසුයි කියන්නට
කැමැත්තක් නොදැක්වූ අව්‍යාජ බුද්ධිමතෙකි.
අද මට ඔහු සිහිවූයේ මන්දැයි කියත් නම්,
ඔහු යුද්ධයේ ගොදුරක් ලෙසින් මරාදැමුණු බව
සිහිපත් වීමෙනි.
මේ වනවිට යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ 
මහා යුධ ගැටුමකි
ඩොනෙට්ස්ක් පළාතේ සංස්කෘතික මධ්‍යස්ථාන අසලින්
අද හමුවන්නේ සිවිල් ජනයාගේ මළ සිරුරුය.
ඒ ඔවුන් නොදැණුවත්වම කාලතුවක්කු ප්‍රහාරවලට ලක්වීමෙනි.
තවත් තැනෙක මහමඟ යද්දී
නොදන්නා උණ්ඩයකින් ක්ෂ්ණයකින්
තමා සමග යමින් සිටි සැමියා මියගිය
කාන්තාවකගේ ශෝකාලාපයයි....
මේ ගෙතූ කතා නොවේ
අද අළුයම(31st January 2015) මාධ්‍යවේදීන් ඇසින් දුටු සත්‍ය වූ දේම පමණයි.
මීට වසර කීපයකට පෙර
මාගේ මාතෘ භූමියේ(ශ්‍රී ලංකාවේ) පැවතුණා මෙන්
දැන් යුක්‍රේනයේ ද ඇත්තේ බෙදුම්වාදී කැරැල්ලකි.
ඔවුන් ගෙන් අවි ගත්තෝ අද බටහිරට(Rebels) රිබෙල්ස් ලාය...
දැන් ඇසෙන්නේ මෙසේය;මෙවන් කතාය
'Any talks would be the first since a five-month-old ceasefire collapsed with a new rebel advance last week'.
'they are to announce that no talks would take place on Friday'.  
බලන්න! හිතන්න!මතක් කරන්න............
Vuhlehirsk නගර ප්‍රදේශයේ සටන්කාමී කණ්ඩායම් අද
ජනතාවට ලබෙන ජලනළ විසන්ධි කොට විදුලි සැපයුම්ද අක්‍රියකර දමා තිබෙනවා.
යළිත් හිතන්න.... මතක් කරන්න,,
නොමග ගියවුන් මැඩ ලා
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමාකළ
අති උදාර මිනිසා
මහින්ද රාජපක්ෂ යළි මතක් වෙනවා නේද?
ඒ සාමයේ නාමයෙනි..
අපි ගුණමකු නොවෙමු
දැයේ දරුවන්ට ඉතිහාසය උගන්වමු! 
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
.........I'm Tongaa.(a Proud Sri Lankan)............
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

No comments:

Post a Comment