advertistment

advertistment

Saturday, January 17, 2015

නීතිය නොදන්නා නීතීඥයෝ...


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව
අගවිනිසුරු ධූරය දරන්නා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තිබේ,
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළේ
එම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි,
එසේ ඇස්පනාපිට සාධක උදාහරණ තිබියදී
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්ට
ඉල්ලා අස්වනැයි නීතිඥ සංගම් විධායක සභාව
ඉල්ලීමක් කරන්නේ උන්
රටේ නීතිය වත් දන්නේ නැද්ද?
උන් උපාධිය හෝ සුදුසුකම අරගත්තේ හොරාටද?
හරි ක්‍රමයට ගියොත් කන බව දන්න නිසාද?
උන් හිතන්නෙ නීතියේ යුවතියගේ දෑස් බැදලා වගේ රටේ මිනිස්සුන්ගෙත් ඇස් වහන්නද?
නීති තර්ක වලින් ඇත්ත බොරුව වෙනස් කරන,
නීති පොත විතරක් කටපාඩම්,
සුදු කර මාල ගිරව්
රට පාලනය කරන්න සිහින දකින එක
නාකියෙක්,
තරුණියකගෙ Photo එකක් එක්ක බුදියලා
ළමයි හදන්න හීන දකිනවා වගේ වැඩක්...
හීනය සුන්දරයි,ප්‍රතිඵලය ශූන්‍යයයි...
සුදු කර මාල ගිරව් ගොන් කිරි බීල ඇති,
ඒත් රටේ මිනිස්සු බිව්වෙ මව් කිරි...
සුද්දන්ට ජාතක වෙච්ච උන් රට විනාස කරන්න වලි කෑවට,
පුරන් අප්පුලගෙන් පැවත එන වුන් තාම රටේ ඉන්නා බව මතක තියා ගත්තොත් බත් ඩිංගක් කන්න නඩුවක්වත් ලැබෙයි.
නැත්තන්,සදා හුලන්  විස්කොතු...
බයියන්ට ටොය්යො විය නොහැක,කියල ඉස්සෙල්ලාම 19 වන සංශෝධනයට
ඇතුල් කළොත් ඇගට ගුණය...
වත්මන් ජනපති පත්වූයේ මහජන ඡන්දයෙන් මිසක්,
නීතීංඥ සංගමයේ ඡන්දයෙන් නොවේ.
බයියන්ට ටොය්යො විය නොහැක,නමුත් ටොයියෙකු සේ රග පෑ හැක.
මොහාන් පීරිස් තවදුරටත් අගවිනිසුරු වන අතර,
උපුල් ජයසූරියට ලබන ආත්මයේ එයට උත්සාහ කළ හැක.

****************ලංකා ලෝමා*************


No comments:

Post a Comment