advertistment

advertistment

Tuesday, January 27, 2015

රනිල් නම්...



||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
දැන් ඉන්න තරැණ තරැණියන්ට රීලෝඞ් එකක් දාගන්නවත්
කසාද බදින්නවත් අතේ සල්ලි නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ
ගැටබරු විහාරස්ථානයේ ආගමික වතාවන්වලට සහභාගී වී පසු
මොරවකදී පැවැති ජන හමුවක් අමතමින් කීය.
********************************************
*
‘13 වැනි සංශෝධනය තුළින් ජනවාර්ගික ප‍්‍රශ්නය විසදන්න අපි ඔක්කොම පක්ෂ එකග වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබදව සාකච්ඡ කරගෙන යනවා. ඉන්දියාවත් කියනවා 13න් එහාට යන්න එපා කියලා. ඒක පිළිගන්න දෙමළ කණ්ඩායමත් ලෑස්තියි. උතුරේ පළාත් සභාවට අනිත් පළාත් සභාවලට වගේ එකම බලතල තියෙන්න ඕන. එකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. නොබිදුණු ශ‍්‍රී ලංකාවක් තුළ අපි වැඩ කරන්න ඕන.
********************************************
හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණෙනි,
බුද්ධිමත් යැයි මාද පිළිගන්නා ඔබ;………………
ශ්‍රී ලංකාවේ
ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි යන්න මෙහිදී ප්‍රකාශකොට තිබෙනවා.


ලැජ්ජයි දුකයි…ජනතාව ගොනාට අන්දන්න එපා…………
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ……………….
,
,;;
ශ්‍රී ලංකාවේ උතුරේ දේශපාලනඥයින් සහ
දකුණේ අති දක්ෂිණාංශික දේශපාලන අඥයින්
තම දේශපාලන පැවැත්ම උදෙසා
අලෙවිකරන මාතෘකා අතරින් එකක තමයි ජනවාර්ගික ප්‍රශ්නය.
;;;;
යහපාලනය,
ප්‍රජාතන්ත්‍ර වාදය,
මාධ්‍ය නිදහස, ආදී…………… නූතන යටත් විජිතකරණ ක්‍රියාදාමයන්
පවත්වාගෙන යාම සහ
දේශමාමක ජනතාවගෙන් බලයට පත්වූ ජාතිකවාදී ආණ්ඩුවලට එරෙහිව,
එම ජනතාවම කුළුගන්වන්නා වූ ක්‍රියාදමයක නියැලෙන බටහිර ජාතීන්,
නූතන අවි ලෙස ඉහත මාතෘකා සහ ප්‍රපංචයන් භාවිතා කරන අතර;
;
ඒවා ලෝක ව්‍යාප්ත කිරීම සඳහා
දේශීය සම්බවයක් ඇති මෙවැනි පාලකයන් ඉත්තන් ලෙස භාවිතා කරයි.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
එම ඉත්තන් අත රැඳි නූල් මගින් පාලනය වන්නාවූ රූකඩ පාලකයින්
එම රටවලට පත්කොට අක්ෂි හා චින්තන මායාවන කැරට් ලබාදීමෙන් සහ
දේශීය චින්තනය විනාශ කිරීමෙන් සාමාන්‍ය ජනතාවගේ ජාති මාමක හැඟීම් බිඳවා
බටහිර සංස්කෘතියේ ඕජස ජන මනස් වලට කාන්දු කරවීම තුළින්
ධනවත් බටහිරවුන්ගේ නූතන කොළනි කරණය……………,
අඩු දේශීය විරෝධ තාවයන්ගෙන් යුතුව පවත්වාගෙන යාම මෙකී ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණයි.
;;;;;
අවසානයේ බටහිර ධජ මගින් මුළු ලෝක තලය වැසී යන තුරු
බටහිර ක්‍රියාදාමයද නොනවතී.
;;
එයට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මුස්ලිම් ලෝක ව්‍යාප්ති කරණයේ
විවිධ වූ හැඩතල වෙනුවෙන් ඇමරිකානු මෙහෙයුම් මුහුණුවරද වෙනස්වේ.
;;
උදාහරණ ලෙස වහාබ් වාදයට එරෙහිව වෘක න්‍යායත්,
තෙල් සම්පත බහුල මැද පෙරදිගට එරෙහිව හිවල් න්‍යායත්
නැගීසිටින ආර්ථික බලවතාවන චීනයට එරෙහිව අත සිඹීමේ න්‍යායත්
යළි පිබිදෙන රුසියාවට එරෙහිව හුදකලා කරන න්‍යායත්
ඔවුන් දැනට භාවිතා කරයි.
;;;;;;;;;;;;;;;;;;;;;
එක් ස්ථානයක ත්‍රස්තවාදී කණ්ඩායමකට ඉහළින් සක්‍රීය බෝම්බ හෙලන ඔවුන්
අනෙක් ස්ථානයේ ක්‍රියාත්මක එම ත්‍රස්තවාදයටමටම ස්වයංක්‍රීය ගිනි අවි ගුවනින් හෙලයි.
;
ත්‍රස්ථවාදය සඳහා එක් අර්ථ කථනයක් පමණක් පැවතියද;
බටහිරට අනුව වාසි සහගත ත්‍රස්ථවාදය හා අවාසිසහගත ත්‍රස්ථවාදය ලෙස ත්‍රස්තවාදය වර්ග දෙකකි.
;
ප්‍රංශයට ප්‍රහාර එල්ල කරන වහාබ් වාදීන්ට අවි ඔසවා පිළිතුරු දෙන ඔවුන්
සිරියාවට එරෙහි වහාබ් වාදීන්ට අවි ලබාදී පිළිතුරු දෙයි.
තමාට නොනැමෙන ආණ්ඩු වලට එරෙහි ත්‍රස්ථවාදය
අධාර ලැබිය යුතු හොඳ ත්‍රස්ථවාදය ලෙසත්
තම මතයට එරෙහි ත්‍රස්ථවාදය
පහර ලැබිය යුතු ත්‍රස්ථවාදය ලෙසත් ඔවුන් හඳුන්වයි.
;;;
රුද්‍ර කුමාරන්ලා වැරදීමකින් හෝ බටහිර රටක බෝම්බ පුපුරවන තාක් කල්
LTTE ය යනු ත්‍රස්ථවාදීන් නොව තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින විප්ලවවාදීන් පිරිසක්ම වෙයි.
;;
එබැවින් ශ්‍රී ලංකාවේ මහ බැංකුවට පහරදුන් ළ්ට්ට්E ය හොඳ ත්‍රස්තවාදීන් වීමත්,
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදුන්,
අල්-කයි- ඩා ව නරක ත්‍රස්ථවාදීන් වන්නේත්
ඉහත දෙබිඩි සිද්ධාන්තයන්ට අනුවය.
;;
බටහිරට අනුව හොඳ ත්‍රස්ථවාදීන් එම රටේදී පරාජය වූවද
ඔවුන්ට විමුක්තිය අත්කර දීමට ක්‍රියා කරන්නේ ඒ අනුවය.
එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේම
සක්‍රීය ලෙස ත්‍රස්ථවාදයක් පරාජය කළ රටවන ශ්‍රී ලංකාවේ
LTTE යේ අරමුණු ජය ගැනීම සඳහා
බටහිර ඉත්තන් කෙතරම් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන්නේදැයි තෙරුම් ගැනීමට
රනිල් ඔබට ඇති නොහැකියාව හමුවේ……………………
ඔබද ඉත්තෙකු වී ඇතිබව යළි අවධාරණය කරමු.
;;
රනිල් වික්‍රමසිංහගේ ඉහත ක්‍රියාකාරකම් හමුවේ සියළු දෙනාටම
එම කාරණා පැහැදිළිව පෙනෙන නමුත්
පෙනෙන සත්‍ය තෙරුම් ගැනීමට රටේ අතිශය බහුතරයට නොහැකිවී ඇත,
කොටින්ම තමා ඉත්තෙකු වී ඇති බ රනිල් වික්‍රමසිංහද නොදනී.
;;
බටහිරින් ජනිත ලෝක පාලන ව්‍යප්තිවාදය ඒ තරමට සාර්ථකය.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අලූත් ශ‍්‍රී ලංකාවක් බිහිකරන්න ඕන. අපේ තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන.
අපේ තරුණ කාලේ හොදට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.
දැන් තරුණ තරුණියන්ට රීලෝඞ් එකක් දාගන්නත් සල්ලි නෑ.
ගෙයක් හදාගන්න බෑ. විවාහ වෙන්න සල්ලි නෑ.
ඒවා නැති කරලා හිතට සහනයක් දෙන්න ඕන’කියන අතරේම 13 වැනි සංශෝධනය තුළින් ජනවාර්ගික ප‍්‍රශ්නය විසදන්න කියලා
රටටම කෙළලා දාන්නත් රනිල්ට පුළුවන්.
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
~~~I’m Tongaa (a Proud Sri Lankan)~~~~
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

No comments:

Post a Comment