advertistment

advertistment

Thursday, February 12, 2015

ජනතාව නිදි නැත! නොපැහැදිලි තැන නම් සැකය ඇත!




}}}}}}}}}}}}}}}}}}}}}{{{{{{{{{{{{{{{{{{{{{
{{{{{{{{{{{{{{{{{{{{{}}}}}}}}}}}}}}}}}}}}}

මහින්ද රාජපක්ෂ
යුද්දෙ දිනුව තමයි................
ඒත්
ඊට පස්සෙ ජනතාව මහින්ද එක්ක හිටියට,
මහින්ද ජනතාව එක්ක හිටියෙ නෑ...........
ටිකෙන් ටික මහින්ද ජනතාවගෙන් ඈත්වුණා............
මහින්ද වෙනුවට මහින්ද වෙනුවෙන් පෙනීසිටි
නියෝජිතයො වුණේ වටේ හිටි කිහිප දෙනෙක්.
මේ තත්වය හොඳින් පැහැදිලිව පේන්න තිබුණා.............
මහින්දට රජෙක් කිව්වෙ ජනතාවයි!
ඒත් මහින්දට ඒ ජනතාව අතර සැරිසරන්න බැරිවුණා
මහින්ද වටේ හිටපු,
මහින්දගේ නාමයෙන් තම පවුල් සංවර්ධනය කරගත්තු,
බොහෝම සුළු පිරිසක්,
මහින්ද ජනතාව වෙත ළඟා වීම වළකා තබා..........
ඒ අය පියන් වැඩ කළා.
අන්තිමේදී මහින්දට නොදැනුවත්ව ම,
මහින්ද විරෝධීන් නිර්මාණය වෙද්දි....?
වටේ හිටිය හිඟන්නෝ පොරවල් වෙලා
දේශපාලන රට සවාරි ගියා
උන් උන්ටම බෙදාගත්තා.....................
////////////\\\\\\\\\\\////////////\\\\\\\\\\\
\\\\\\\\\\\\///////////\\\\\\\\\\\\///////////
කොහොම හරි යහ පාලනය කියල
මෛත්‍රීගෙ කරේ නැගලා ඇවිල්ලා
රනිල් වික්‍රමසිංහ පාලනයක් හදාගෙන; 
දැන් මොකක්ද වෙන්නෙ?
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර
දුන්නෙ කාටද?
එතන තියෙන යහ පාලනය පැහැදිලිද?
ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා..............
තරුණ සේවා සභාවේ සභාපති වුණේ කවුද?
එතන යහ පාලනය පැහැදිලිද?
ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා..............
යහපාලනය කියන්නේ තමංගෙ එකාටයි
තමංගෙ හිතවතුන්ටයි බෙදාගැනීම නම්,
පොදු අපේක්ෂකයෙකුට ඡන්දෙ දුන්න
පක්ෂ, පාට, සංගම්, සංවිධාන නැති එවුන්ට
ප්‍රශ්න මතුවෙලා තියනවා........(බොරු නම් සොයා බලන්න.)
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අද රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා ඉන්නෙ 
යහපාලනය කියන දැවැන්ත වෘක්ෂය යටයි
මේ වෘක්ෂය හැදුනෙ කිසියම් භූමියකද?
එම් භූමිය පාෂාණ ගොඩක් නම්
ඊට සම්බන්ධ පාෂාණ වූ නිදහස් අදහස් ඇති
අලුත් ඡන්ද හා නිහඬ ඡන්ද .....x......
ඉදිරි මැතිවරණයේදී ගන්නා තීරණය 
සෘජුවම එක්සත් ජාතික පක්ෂයට බලපානවා
එහෙම වුණොත් සජිත් ප්‍රේමදාස වගේ
එජාප දෙවැනි පෙළට හෙටක් නැතිවෙනවා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
වර්තමාන දේශපාලනයේදී ලෝකය දකින ජනතාවක් සමඟ
කටයුතු කරන බව අමතක කරන්න බෑ...............
පක්ෂ ශාඛා සමිති වල ඉන්න
සාමජික ප්‍රමාණය එකතු කර බලන්න
ඊට වඩා අති විශාල සංඛ්‍යාවක් යහපාලනයට
ඡන්දෙ දීලා තියෙනවා නේද?
එහෙම නම් යහපාලනය තුළ තනතුරු දීමේදී
විනිවිද භාවයක් නොවන්නේද, එයින් ඉදිරි මැතිවරණය
යළි තීරණාත්මක ඡන්ද විමසීමක් වෙනවා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
මහින්ද හොඳයි ඒ මහින්දයි
මෛත්‍රී හොඳයි ඒ මෛත්‍රීයි
ඒත් දැන් සජිත් හොඳයි කියන්න නම් සජිත් කළයුත්තේ
වෙනදේ ජනතාවට පැහැදිලි බවට වගවීමයි.
රනිල් වික්‍රමසිංහටද එකසේ මේ තත්වය බලපානවා
මම මේ රචනාව කළාම,
සමහරුන්ට මොළේ කචල් වෙන්න පුළුවන්.
ඊට හේතුව පොඩි පොඩි මංත්‍රීවරු (ප්‍රාදේශීය සභා/පළාත් සභා) 
තැන තැන කියන කතා වල පදනමක් නැති වන නිසා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
සමහර පළාත් සභා මංත්‍රීවරු රූපවාහිනී තිරයට ඇවිත්
දැන් මහින්ද ගෙදර, මේක අපේ පාලනේ කියලා රඟ පානවා................
වෙනස සැබෑවටම ඡන්දයෙන් කළ ගමේ එවුන් හිනාවෙනවා............
අපි ඡන්දෙ දුන්නෙ වෙනසකට ඒත් මෙයාල ඒකෙ වාසිය
තම පසුම්බියට දාගන්නවා කියලා දන්නවා.
ඒ අතරෙ විදේශ රටවල් කීපයක් 
ශ්‍රී ලංකාවේ ඡන්ද බෙදීයාම තම උත්සාහයේ ප්‍රතිඵල ලෙස
අර්ථ දක්වනවා,
මේවා මෝඩ කතා බව දන්නෙ තැන තැන හත් අට දෙනා රැස්වී
ඡන්දෙට කළින් දින කීපයේ තීරණ ගත්ත කොටස් පමණයි.
~~~~~~~~මහජන යහපත පිණිසයි~~~~~~~~~~~~~~~
%%%%%%%%%%%%%%%%%%%%%%%%%
+++Research out put compiled by++++ Tongaa+++
%%%%%%%%%%%%%%%%%%%%%%%%%

මාර වැඩේ...2015 වැලන්ටයින්...?

මාර වැඩේ..............

2015 වැලන්ටයින් දිනය
ජාතියේ ආදරවන්තයා සැමරීමේ සූදානමක් ගැන
ලොකු ආරංචියක් තියෙනවා..
පෙබරවාරි 14 දිනය ශෘංගාරාත්මක ආදර සැමරුමක් වුණේ
ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදාය ගරුකොට ගෙනයි......
ඒ වුණාට මේ පාර ලංකාවෙ උදවිය මහින්ද රාජපක්ෂ නාමය
සමරා
ජාතියේ ආදරවන්තයා ලෙස සළකා කටයුතු කරන්නට 
බලාගෙන ඉන්නවා..............
ඡන්දෙ දීලා ඒකට වටිනාකමක් නෑ කියන
ඇතැම් කොටස් ඒක සැලසුම්  කරනවා,,,,
එයාලා කියන්නෙ 
SMS නැතුව...........
රෝසමල් නැතුව.......
සමරු කාඩ් නැතුව........
ආදරවන්තයින්ගේ දිනයේ දී 
මහින්ද සිහි කරන්නයි ඒ අය සැරසෙන්නෙ.....
ආදරවන්තයින්ට යුධ බිය නැතුව
බෝම්බ නැතුව....මරාගෙන මැරෙන ප්‍රහාර නැතුව...
නිදහසේ ලව් කරන්න ඉඩ හදල දුන්නෙ 
මහින්ද රාජපක්ෂ නිසා
එදාට අපි මහින්ද මතක් කරමු කියලා
මුල්ම අදහස දාල තියෙන්නෙ 
රණ විරුවන් හා ආබාධිත රණවිරුවන්ගෙ 
පවුල්වල උදවියයි..........
........තිරසාර...........

Tuesday, February 10, 2015

අපරාදෙ අපේ පළමු ඡන්දෙ?

***********************************************************

******************
***********************************************************
ශ්‍රී ලංකවේ ඡන්ද දායකයින්
මහත්සේ කළකිරීමකට පත්වී සිටින බව
තැන තැන වෙන කතාවලින් ඇසෙන්නට ලැබේ
ඔෆීස් වෙලාවට එනයන කෝච්චි වල
තරමක් සෙනග වැඩි වුණත්
අපි දෙන්නෙක් එක්ක ඕන්න නැග්ගෙ නැතැයි කෝච්චියකට
මග යනකොට එකා දෙන්න සෙට්වෙලා
කියන කතා වලට පොඩ්ඩක් සවන් දුන්නා...........
බැලින්නම් මෙයාලා දැන් දීපු ඡන්දෙ 
ආපසු ගන්න තරම් කලකිරිලා....... 
මොනවද දන්නවද කියන්නෙ?
අපි ඡන්දෙ දුන්නෙ යූ ඇන් පී එකට නෙවෙයි
අපි ඡන්දෙ දුන්නෙ පොදු අපේක්ෂකයෙකුට
ඒක රටට වැදගත් වෙයි කියල අපි එහෙම කළා
ඒ වුණාට දැං පඩ ෂෝ බලන්න වෙලා තියෙන්නෙ......
මේ කතාව ඇහුවාම 
අලුත් ඡන්ද මෛත්‍රීට ලැබුණු හැටි තේරුම් ගන්න පුළුවන්
හැබැයි අලුත් ඡන්ද අලුත් අපේක්ෂකයෙකුට දීපු සිදුවීම අනුව,
අපේ රටේ ප්‍රධාන පක්ෂ වලට 
අලුත් ඡන්ද කැමති නැද්ද?
මේ රටේ ජනමත සමීක්ෂන සාධාරණව නොකෙරෙන නිසා
මේ තොරතුරු රටට දෙන්න ආසයි
ඒත් මේ තොරතුරු මත
මඩ ව්‍යාපාර සහ මරා ගන්නා ගැටුම් එපා!
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
~~~I'm Tongaa(a Proud Sri Lankan)~~~
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ජාතික විධායක සභාව...............



දින සීය 
සිය දින වැඩසටහන............
මේක කාගෙ යෝජනාවක්ද මං දන්නෙ නෑ,
ඒ වුනාට ,
දින සීයකින් රටට වැඩක් කරන්න පුළුවන් කියලා
කොළයක ලියල දීල ඒකට ඡන්දෙ ඉල්ලුවේ, 
මෛත්‍රීපාල සිරිසේන කියන දේශපාලනඥයා....
වැඩේ සාර්ථක වුණා,
ඡන්දෙ දිනුවා,
ඒ ඡන්දෙන් රටේ නව නායකයෙක් බිහිවුණා
ඒ සැලසුමේ පසුබිමේ ඉඳගෙන
දෙපැත්තට ඇද්ද පක්ෂයක් වුණේ ජනතා විමුක්ති පෙරමුණ,
ඒක එහෙම වුණේ ඇයි කියල
ඒ අය කෙළින් කිව්වෙ නෑ?
ඒත් මෙන්න සතා ඔන්න පොල්ල
මං සිල් ගත්තා න්‍යාය යෙන් සිටි ජ.වි.පෙ.
අලුතෙන් නිර්මාණය වූ ජාතික සභාවට පැමිණීම
අවිවාදයෙන් අගය කල යුතුයි.
වර්ෂ 1971 ඉඳලම.......රටට ජනතාවට බොහෝ දේ කියන්න
ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළා
ඒක ජනතාවට තේරුණේ නෑ....... තාම තේරිලත් නෑ.........
මිනිස්සුන්ට ජවිපෙ රතු පාට වෙන පාටකින් පෙනුණාද/පේනවාද දන්නෙ නෑ..
සමහර විට විප්ලවය හෝ විමුක්තිය ප්‍රායෝගික සටනක් වගේ
දැනුණාද දන්නෙත් නෑ............. 
කන්නම බලාගෙන ඡන්දෙ දීපු ජනතාවක් හිටපු රටේ,
වෙනසක් පැතූ අලුත් ඡන්ද ටික ඔක්කොම මෛත්‍රීගෙ ඔඩොක්කුවට වැටෙද්දි
මැතිවරණ කීපයකදීම ඡන්දෙ නොදී හිටපු හැමෝමත්
මෛත්‍රීව දිහා සැක හැර බලා තිබුණෙ පසුගිය මැතිවරණයේදියි.
(ජනපති මෛත්‍රී මේ බව අමතක නොකළ යුතුයි.)
මෙවන් වටපිටාවක ජ. වි. පෙ. ට,
සත්‍ය දේශප්‍රේමීන් විදියට නිහඬව ඉන්න බෑ.........
මොකද........
චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙනාවේ ජවිපේ සහාය ඇතුවයි,,,,,
මුලින්ම මහින්ද බලයට ගෙනාවේද ජවිපේ සහාය ඇතුවයි,,,,,
ඒ අවස්ථා දෙකේම ජවිපෙ අපේක්ෂාවන් බිඳී ගියා,
දැන් නම් ජවිපෙ ලෝකය දිහා අලුත් විදියකට බලන්න පටන් අරන් වගෙයි. 
මේ අදහසත් සෝමවංශ අමරසිංහගෙම වෙන්නත් පුළුවන්.
නමුත් ජනතාවට තාම මේක තේරුණේ නෑ............
කොහොම වුණත්,
එදා ඉඳලා කරගන්න බැරිවූ
ජාතික වැඩපිළිවෙල කරගන්න ජවිපෙ ට දැං පුළුවන් වෙයි,
අද හැදෙන සැළසුම අනාගත ශ්‍රී ලංකාවට 
නව මාවතක් වෙනු ඇතැයි බලාගෙන ඉන්න නම්
දිනෙන් දින එහි ප්‍රගතිය 
ජනතාවට දැනෙන්න ඉඩ සලසා තැබීම ඉතා වැදගත්. 
/////////////////////////////\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
~~~~~~~~~~~Tongaa~~~~~~~~~~~
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\//////////////////////////////

දෝ සතරේ පෙනෙන අලුත්ම ග්‍රහ ගමන



වර්ෂ 2015 පෙබරවාරි මස 13 වන දින
හිරු උදාවෙන්නෙ,
*
***
******
අඟහරු හෙවත් කුජ ග්‍රහයා
මීන රාශියට සැපත්වී සිටියදීයි
ජ්‍යොතිෂය නැමති විෂය ට  අදාලව
මේ කුජ මාරුව හඳුනා ගනිමු.
*
***********
අඟහරු ග්‍රහයා මීන රාශියේ යන කාලය
ඔබ සැමට අමතක වීම් බහුල කාලයක් වෙනවා..........
යතුර දොරේ තිබෙද්දි දොර වහල යන්න පුළුවන්,
ඒ වගේම පර්ස් එක,,, ණය කාඩ් එක ගත්ත තැන තියල යන්න පුළුවන්
ඒ නිසා මතකය රැකගන්න බලන්න.
*
***********
කුජ මේ විදියට 2015 මාර්තු 23 දක්වා
මීන රාශියේ සැරිසරන බව ජ්‍යෝතිෂයේ පිළිගැනීමයි, 
,,
කවුරු හරි කෙනෙක් දැක්කොත් හාවුන් පියාඹනවා
මත්සයින් ගස් නගිනවා
,,
ආන්න ඒවගේ සිහින සිතුවිලි හදට දැනෙන කාලයක් තමයි
කුජ මීන රාශියේ යන කාලය......
,,
ඒ වාගේම තමයි මෙවැනි ග්‍රහ ගමනක් තිබෙන කාලයේ 
ලැබෙන දේවල් ඉක්මනින් අහිමි වෙනවා
ඒ නිසා ලද දේ රැක ගන්න දැඩි වෙහෙසක් ගන්න වෙනවා.............
******
******
******
විශේෂයෙන්ම ආදරවන්තයින් රැවටෙන කාලයත් මේකයි,
******
******
******
කුජ මෙවර මීනරාශි ගමනේදී
ගුරු හෙවත් බ්‍රහස්පතිගේත්,ශනි හෙවත් සෙනසුරු ගේත්,
ත්‍රිකෝණ දෘෂ්ටියට අසුවෙනවා;
ඒ නිසා සාමූහික උත්සාහයන් හි ප්‍රතිලාභ
මල්ඵල ගැන්වෙන කාලයක් ලෙසයි
මේ කෙටි කාලය වැදගත් වන්නේ.
ඒ නිසා ජනතාවට වැදගත් දේ 
ජනතාව ලවාම කරගන්න මේ කෙටි කාලය හරිම වැදගත්
{{{}}}}
මේ අතරෙ.........
ජන්ම කේන්ද්‍ර වල යුරේනස් ලග්න ගතව සිටි  අයට
සහ හතර වැන්නේත් දහ වැන්නේත් යුරේනස් සිටි අයට
කට නිසා සියල්ල අහිමි වෙන්නත් පුළුවන්.
)))))))))))))))))))))))))))))))))))))))))))) 
((((((((((((((.මිණිතර.))))))))))))))))
((((((((((((((((((((((((((((((((((((((((((((

Saturday, February 7, 2015

*****ජන බලය තම බලය බව පෙන්වීමෙන් විනාශයට පාර කපා ගැනීම******









බල තණ්හාව කොයිතරම්  විශාලද?
මැතිවරණයේදී ඡන්දය දෙන්නෙ ජනතාව බව හැමෝම පිළිගන්නවා 
ඒත් ජනතාව ඡන්දය දෙන්නෙ 
ඕන්න අපි ඡන්දෙ දුන්නා උඹලා මරා ගනිල්ලා කියාලද?
එහෙම නැත්නම් ඕන්න අපි ඡන්දෙ දුන්නා
දැන් අලුත් විපක්ෂෙට කෙළලා දාපල්ලා කියන්නද?
මේ සම්බන්දයෙන් ඊයෙ පෙරේදා රූපවාහිනී ක්ලිප් එකක් දැක්ක නිසා
වෙන තවත් මොන උදාහරණද?
කොයි හැටි වුණත් රනිල්ගෙ අලුත් ආණ්ඩුව අයවැය ගෙනාවම
මේක අපෙත් අයවැය කිය කියා ශ්‍රී. ල. නි. ප. යත් අය වැය සම්මත කෙරෙව්වා................
ඒ වුණාට මේ ක්‍රියාව රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කලාද?
නෑ.............
මේ සම්මතය ජ. වි. පෙ. බලාපොරොත්තු වුණාද? 
නෑ...............
ඇයි හේතුව?
හේතුව දැන්ම කියන්න හොඳ නෑ
අය වැයෙන් පස්සෙ TV නාලිකා වලින් ඇවිත් 
එක එක ඇමති වරුන් ගෙන් අය වැය ගැන ඇහුවා දැක්ක නේද?
උත්තර දෙද්දි දැක්කද ඔවුන්ගෙ මූණුවල හැටි
මුහුණු වල ලේ කඳුලක් නෑ ඇයි ඒ.......?
මොකද්ද හේතුව..........?හේතුව තමයි ළඟ එන මහ මැතිවරණය.......
ඒ කියන්නෙ කොලපාට එපාවෙන්න රනිල්ගෙ ආණ්ඩුව ගෙදර යවන්න ඉදිරි මාසතුන ඇති කියලා දැං තැන් තැන් වල කතා ඇහෙනවා,
මේක මෙතන ලිව්වාම සමහර මැට්ටො හිතාවිද දන්නෙ නෑ මමත් දේශපාලනේට කඩේ යනවද කියලා?
නෑ මම ඔය එක එකාගෙන් යැපෙන්නෙ නෑ.................
////////////////||||||||||\\\\\\\\\\\\\\\\\\
මැතිවරණයෙන් වෙනසක් කරන්න හිතාගෙන
මංපොර වෙච්ච හුඟක් එවුන් නෑදෑයින්ට පොර ටෝක් දීල තමයි
හංසයා ව දියට දැම්මෙ.
ඒත් දැන්
කාපල්ලා කහ,,, මූණෙත් ගාපල්ලා  කහ,,,
එතකොට ලස්සන වෙනවා,,,
කියලා කියාගෙන ආණ්ඩුව කොහේදෝ යනවා..................
ඒ කියන්නෙ බත් කටක් කන්න ඡන්දෙ දුන්න
පක්ෂ පාට හම ගැහිල නැති එවුන්ට
දැන් කට උත්තරත් නෑ වගේ........... 
ඊයෙ එකෙක් කියනවා 
මහත්තයො අපි අතරෙ සමහර උදවිය සම්බන්ධයෙන්
කැමැත්තක් නෑ... 
ඒ වුණාට අපි එවුන්ට ගහල මට්ටු කරන්න යන්නෙ නෑ කියලා.
මොකද එවුනුත් අපෙ ගමේ එවුන් කියලා.අනික උන්ටත් හිතන්න නිදහසක් තියෙන්න ඕනෙ නේද?. 
මේ අස්සෙ ඡන්දෙන් පස්සෙ ලාබෙට කිරි බොන්න හිටපු එවුන්
දැන් කිරි එරෙන්න කසාදයක් කොරගන්න හදනවා
මොකද හරක් නැතිව කිරි නෑ කියල 
උන්ට තේරෙන කොට
ආණ්ඩුව වෙනස් වෙලා පුටු මාරුවෙලා
ඒ වුණාට මහින්ද මහත්තයගෙ වැඩට හිටිය නිළධාරි සෙට් එක
ගෙදර යැව්ව එක හොඳයි කියන අයත් ගොඩාක් ඉන්නවා.........   
හෙට ඉල්ලුවත් මහින්ද දිනනවා කියන සමහරු
අපි මහින්ද ගෙදර යැව්වෙ නෑ කියන එක කියන්නෙ 
අනේ ඔය පාපෙට අපි නෑ කියන්නා වාගෙයි............
ඒ වුණත් හත්තිලව්වේ එකෙක් වත්
මෛත්‍රීපාල සිරිසේනට බණින්නෙත් නෑ...................
මේක හරියට රටේ පාලනය ප්ලෑන් කරල
ට්‍රැෆික් ඇති තැන බයි ෆාස් කෙරෙව්වා වගේ වැඩක්
මේ වෙන කතා වගේම දොස් දිහා බැලුවම තමයි පේන්නෙ
මහින්ද වටේ හිටිය එවුන් කරපු අළුගුත්තේරු වැඩ ගැන
පක්ෂ පාට හා ජතිවාදී දේශපාලනයක් නැති
පාවෙන ඡන්ද කාරයො ඇහැ ගහන් හිටියා කියලා
මේ අතරෙ ජ.වි.පෙ. ගැනත් හොයල බැලුවා,
ආන්න අර රුසියානු තානාපති කාර්යාලෙට රිංගන්න ගිහිල්ලා
අනුර කුමාරලා මඩක් ගාගත්ත කියල කිව්වෙ ලොතරැයි විකුණන කොල්ලෙක්
බැලින්නම් ඌ ලවුඩ්ස්පීකරේ සද්දෙට දාගෙන හැමපාරෙම යනකොට
උගේ මීඩියා ගැජට් එකත් නරකමත් නෑ වගේ............
(*)
(*)(*)(*). I'm Tongaa(a Proud Sri Lankan).(*)(*)(*)

ලැම්බො ගින්න...

ලැම්බොගිනි කිව්වාම මත් කුඩු වලටත් වඩා භූතයෙක් කියලා හිතන්න එපා.
ඒක නිකම්ම නිකං කාර් එකක් විතරයි.
ලැම්බො ගිනිදාල රටම ගිනි තිබ්බෙ මහින්ද රාජපක්ෂට මඩ ගහන්න.
ලැම්බොගිනි කාර් හදල තියෙන්නෙ කාර් රේස් යන්න.
ඕන්න දැං බලාගන්නකො මොනවද මේ ලැම්බොගිනි කියල,
ආයෙමත් දේශපාලන මඩ වලට රැවටෙන්න එපා.



Automobili Lamborghini S.p.A. (Italian: [lamborˈɡiːni]  is an Italian brand and manufacturer of luxury sports cars and, formerly, SUVs……..          (A sport utility vehicle or suburban utility vehicle (SUV) is a vehicle similar to a station wagon or estate car, usually equipped with four-wheel drive for on- or off-road ability. Some SUVs include the towing capacity of a pickup truck with the passenger-carrying space of a minivan or large sedan. ) ………         which is owned by the Volkswagen Group through its subsidiary brand division Audi. Lamborghini's production facility and headquarters are located in Sant'Agata Bolognese, Italy. In 2011, Lamborghini's 831 employees produced 1,711 vehicles.



Lamborghini Gallardo

The Lamborghini Gallardo (/ɡaɪˈjɑrdoʊ/; Italian: [ɡaʎˈʎardo]) is a sports car built by Lamborghini from 2003 to 2013. It is Lamborghin is best-selling...







 Lamborghini Aventador

The Lamborghini Aventador is a mid-engined sports car produced by the Italian manufacturer Automobili Lamborghini. Launched on 28 February 2011




Lamborghini Diablo

The Lamborghini Diablo was a high-performance mid-engined sports car that was built by Italian automaker Lamborghini between 1990 and 2001.





Lamborghini Sesto Elemento

Lamborghini, which debuted at the 2010 Paris Motor Show. The Sesto Elemento's name is a reference to the atomic number of carbon,  in recognition of the car's extensive use of carbon fibre.





Lamborghini Miura

The Lamborghini Miura is a sports car that was produced by Italian automaker Lamborghini between 1966 and 1973. The car is widely considered to have instigated the trend of high performance, two-seater, mid-engined sports cars.[4] At launch, it was the fastest production road car available.

 Lamborghini 350GT

The Lamborghini 350 GT[1] was the first production vehicle produced by Lamborghini. Production started in May 1964,[3] after its well-received debut[4] at the March 1964 Geneva auto show. Its success ensured the company's survival, establishing it as a viable competitor with sports car maker Ferrari.


Lamborghini Huracán                                                                        

The Lamborghini Huracán (Spanish for "hurricane") is a sports car built by Lamborghini that replaces Lamborghini's sales leader andmost produced car, the Gallardo.[1] The Huracán made its autoshow but at the 2014 Geneva Auto Show,[2] and is scheduled to be released in the second quarter of 2014.
  







Lamborghini Countach

The Lamborghini Countach is a mid-engined supercar that was produced by Italian automaker Lamborghini from 1974 to 1990. Its design both pioneered and popularized the wedge-shaped, sharply angled look popular in many high-performance sports cars. The "cabin-forward" design concept, which pushes the passenger compartment forward in order to accommodate a larger engine, was also popularized by the Countach.


In 2004, American car magazine Sports Car International named the car number three on the list of Top Sports Cars of the 1970s, and it was listed as number ten on their list of Top Sports Cars of the 1980s.

Friday, February 6, 2015

xxxxxxxxx බන්දුල පද්මකුමාර සහ දේශීය මාධ්‍ය කලාවේ හෙට දවස. xxxxxxxxxxxx




සෑමදාම උදෑසන ස්වර්ණවාහිනිය බලන්න
මිනිස්සු හුරුවුණා නම් එතන බන්දුල පද්මකුමාර හිටියා
ශ්‍රී ලංකාව නම් මේ පුංචි දිවයිනේ
මිනිස්සුන්ට දවසේ පත්තර සියල්ලම තියා
එක පත්තරයක් වත් ගන්න සල්ලි නැති වුණත්..............
නොකඩවා පත්තර ටික බලාගන්න
මුල්පිටුව හොඳ පත්තරයක් වුණා
ඒ ව්‍යායාමය උදෙසා ස්වර්ණවාහිනිය මාධ්‍ය ආයතනයක් ලෙස කළ කැපවීම අගය කළ යුතුවා සේම බන්දුලගේ ඉදිරිපත් කිරීමේ විලාසයද සාපේක්ෂව ඇගයීමට ලක්වුණා.....
මැතිවරණයකදී දේශපාලනඥයන් වේදිකාවල
මොනවා කිව්වත්
කියන්නෙ මොනවාද කියා ජනතාව අවබෝධ කරගන්නෙ
පැරණි කියමනක් වන
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන
කියමන මොනවට ඤාණාලෝක කරමින්.
කරුණු කෙසේ වෙතත් බන්දුල පද්මකුමාර ගැන 
මේ මොහොතේ කතාකරන්න කවුද කැමති?
ඒකට හේතුව අද වනවිට බන්දුල රූපවාහිනී තිරයේ
වැරදිකාරයෙක් කරල ඉවරයි. ලැජ්ජාව නම් ඒ මතය
ජනතාව වෙත ගෙනගියේ..............? 
තුට්ටු දෙකේ 
නාමිකව කියාගන්නා
මාධ්‍යවේදී නම් මවාගත් නොදරුවන් විසින් වීමයි.

ඇයි ඒක එහෙම වුණේ?
මාධ්‍යවේදියෙක් වෙන්න මාධ්‍ය කලාව ඉගෙන ගන්න 
මාධ්‍ය ආයතනයකට රිංග ගන්න
මාධ්‍ය ඔස්සේ රටට සේවය කරන්න
අති විශාල කැපකිරීමක් කරන්න ඕන....(දන්නෝ දනිති.ආචාර්ය මහාචාර්ය වරු පවා නොදනිති.දේශපාලනඥයෝ ද මෙහි ලා නොදරුවෝය )..........
~~~~~~~~~~~~~~~~~!!!!!!!!!!!!!!!!!
මාධ්‍ය ආයතනය රාජ්‍ය හෝ පෞද්ගලික වේවා..............
එම, ආයතන නීතිමය හා පාලන රාමුවෙන් මිදී
තම බුද්ධිමය බලය මතුකොට
ජනතාව වෙත යන්නට ඉඩ හදා ගැනීම
ඉතා සූක්ෂම වැඩක් බව සාමාන්‍ය ජනතාවට
කොහෙත්ම තේරෙන්නෙ නෑ......නෑමයි!
ඒ අතරවාරේ පවතින දේශපාලන අධිකාරියේ
උදහසට ලක් නොවී ඉන්න එක හෙවත් පැවැත්ම තහවුරු කරගැනීමද
අතුරේ යන්නාවගේ ක්‍රියාවක්.
ගුවන් විදුලිය හෙවත් රේඩියෝවෙන්ද
රූපවාහිනිය හෙවත් TV එකෙන්ද
පත්තරයෙන්ද
ප්‍රසිද්ධිය පතා හෝ ආසාව නිසා රැකියාවක් සොයා විත්,
හිරි ඔතප් බිඳගත් තරුණ තරුණියන් කොච්චර නම් ඉන්නවාද?
ඒ මීඩියා ගණිකා වෘත්තිය ගැන පසුවට ලියන්නම්.
අද මේටික බන්දුල වෙනුවෙන් ලියන්නෙ 
මාධ්‍ය වෘත්තියට ඇති අවංක ලැදියාව වගේම
මාධ්‍ය වේදියා රට පාලනය කරන
රහස්‍ය විලාසය දන්න නිසා මයි.
හැබැයි මේක බලලා අපේ මගේ රටේ මිත්‍ර
අපේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන
වැරදි අදහසක් ඇති කර ගන්න එපා...................
ඒ මක් නිසාද යත් කියන්නේ නම්
මෛත්‍රීපාල සිරිසේන;
මං, මහින්ද, විමල්, සෝමවංශ,  වගේම ගමේ එකෙක්...........
ඌට ඔය දේශපාලන හොද්දෙ තවත් බොර කරන්න
දෙයක් ඉතුරුවෙලා නෑ........................
ඉතිං බන්දුල............... සියල්ල අනිත්‍යයි කියන වචන දෙකෙන්,
අනිත්‍ය නම් කිමෙක්දැයි කියා පමණක් සොයා දැන ගත්තාම
මියෙනතුරා එය ප්‍රමාණවත්.  
එය සැමට සමානව වැදගත් බවත් මා පැවසිය යුතුද?
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxxxxxxxxxxxxx
xxxxxxxxxx
xxxxx
xxxxx....I'm Tongaa(a Proud Sri Lankan)....xxxxx
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විමුක්ති කුමාරණතුංග, ඔහුටද නිදහස නිදහසේ විඳීමට නිදහසක් දියයුතුය.!



ශ්‍රී ලංකා දේශපාලනයේ................. 
වෛරක්කාර,ද්වේශ සහගත,ඊර්ෂ්‍යා සහගත,කුහක, ගුණමකු ස්වභාවය මතුකරමින් කරන කෙණහිලිකම් හමුවේ................. 
මිනිසකුට නිදහසේ තම දේශයේ ජනතාව ඉදිරියට යන්නට කාගෙන් හෝ අවසර ගත යුතුද?
ජනතාවට වෛර කරන්නට උගන්වන පව්කාර චේතනාවන් රට පුරා පැතිරවීම දේශපාලනයද?
රට පෙරටද?
දේශපාලන වෛරය පෙරමුණටද?
පන්ති පරතරය උළුප්පා පෙන්නා
කිසිවෙකු හෝ වලව් පිල්ලියක් කොට පෙන්වීම දේශපාලන න්‍යායයක්ද?
ජනතාව බුද්ධිමත් බව පෙන්වන හොඳම උදාහරණය
මෙරට ඇති ත්‍රීවීල් පක්ෂ වලින් නොපෙනේද?
වසර ගණනාවක් පැරණි දෙශපාලන පක්ෂ හා හම්පඩ දේශපාලනඥයි අභිබවා,
තරුණ තරුණියන් පෙරමුණ ගැනීම වරදක්ද?
දේශපාලනයට පැමිණි පසු ධන කුවේරයින් වීම
දේශපාලන ක්‍රමයේ වැරැද්දක් මිස දූෂනයට පසුව
පසු විපරම සාර්ථක වැඩ පිළිවෙළක්ද?
සමීප දේශපාලනයේ හොඳම උදාහරණය දුන්නේ කවුද?
ඒ මෛත්‍රීපාල සිරිසේනයි,
ඒ උදාහරණය පක්ෂ පාට පන්ති වර්ග කුලමල ආදී 
සියළු බේද වලින් තොර ආත්ම ශක්තිය හා උපායශීලීත්වය පිළිබඳ හොඳම හා ඉතා පැහැදිලිම වූ සාධකයයි.
ඉතින් නම් කවර සැකයක්ද,
ජනතාවට ඉඩක් දෙන්න.
@
විමුක්ති කුමාරණතුංග,
ඔහුටද නිදහස නිදහසේ විඳීමට
නිදහසක් දියයුතුය.!
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
@.......I;m Tongaa.(a Proud Sri Lankan)..........@
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව...




වර්ෂ 2015 ජනවාරි 08 වැනි දා සිට
අද 2015 පෙබරවාරි 06 වනවිට
කාලය දින29කි
මේ දින 29 පුරාම
මේ රටේ ජනතාව වඩාත් කල්පනා කළ හෝ
වැඩි දෙනෙකුගේ කටින් පිටවූ වචනය කුමක්ද?
ඒක තේරුම් කරන්න අමාරුයි වගේ නේද?
වචනය සෙවීමට වැඩිය පහසුයි ඇසෙන, ඇසුන දේ විමසා බැලීම,
මුලින්ම ඇහෙන්න ගත්තෙ වෙනස් කරනවා යන යෙදුමයි
මේක මන්තරයක් වගේ කීපවරක් කියවෙද්දි
ජනතා විරෝධය මතුවෙද්දි වෙනස් කිරීමේ වාචික විජ්ජාව සේදිලාම ගියා.
ඊළඟට අලුත් ඇමතිවරු යූ එන් පී ආණ්ඩුවක් හැදුවා කියල පම්පෝරි ගහන්න පටන් ගත්තා, 
ඒක එහෙම වුණාට ජනතාව ඒක පිළිගත්තෙත් නෑ.
එහෙම වුණේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වූ නිසා
මේ අතරෙ විවාද වලට ඇවිල්ලා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො රූපවාහිනී සාකච්ඡාවකදි පච වෙලා චොරවෙලා ගියා. උන් වහන්සේගෙ චින්තනය අඩු තක්සේරුවෙද්දි බලාසිටි ජනතාව සත්‍ය වටහා ගත්තා.
ඒ අස්සෙ උපුල් ශාන්ත සන්නස්ගලත් අම්බානට නාගත්තෙ ගෙවිඳු කුමාරතුංග ඉදිරියේදීයි.උපුල් ශාන්ත ඒ පාඩම ඉගෙන ගන්න හුඟක් කල් ඉඳල බලන් හිටියා.
අන්තිමේදි ගෙවිඳුගෙ කසපාරෙන් ජනතාවට හදිසියේම මුනිදාස කුමාරතුංග වියතාණන්ද සිහිවුණා.
මේ සෙල්ලම් දෘශ්‍යමානවෙන අතරෙ මහින්ද රාජපක්ෂ අලුත් පක්ෂයක් හදාගෙන දේශපාලන වේදිකාවට එන්නයන කතාවත් කරළියට ආවා.
ඒ ගැන නම් මහින්දට ආදරේ කරන මිනිස්සු කිව්වෙ මෙහෙම කතාවක්, මහින්ද දේශපාලනේට අලුතෙන් එන්න දෙයක් නෑ......අවශ්‍ය මැතිවරණයක් විතරයි කියලයි. 
කොහොම වුණත් අය වැය කියල වාර්තාවක් ගෙනැල්ලා රවී කරුණානායකත් බැණුම් ඇහුවා. ඡන්දෙට කලින් ඉඳලම බැණුම් අහමින් සිටිය රවී හාල් මිළ වැඩියි කිය කියා අඬ අඬා හිටිය ඡන්දදායකයින්ට උම්බලකඩ සමඟ සස්ටජන් බොන්න කියා දුන්නා. 
පෙරේත තටුවට ගොඩ දිය මස් තියන්න වගේ සස්ටජන් සමඟ උම්බලකඩත් ආප්පය රුපියල් 10 ටත් දීම ආසියාවේ අයවැය වාර්තාවක් සනිටුහන් කළා. ඒක වුණේ මහින්දගෙ ආප්ප දෙකක් කාල මෛත්‍රීපාල සිරිසේන පැනගිය නිසා. 
හැබැයි මා මිත්‍ර රවී කරුණානයකට හාල් මිල අඩුකරන්න බැරිවුණා.........ඒ කියන්නෙ අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවාද කියල රවී කරුණානායක දන්නෙ නෑ............ඒ කියන්නෙ රවී ගෙදරදි එයාගෙ නෝනා දෙන දෙයක් කාලා කට වහං ඇති.
ඒ කියන්නෙ රවී කරුණානායකත් ගොඩක් පිරිමි වගේ ගෙදරදි තමංගෙ නෝනට බයයි?
ඒ  හුටපටෙන් වුණේ ආණ්ඩු මාරුවේ හිමිදිරියේම කන්නම පතාගෙන ඡන්දෙ දීපු බඩජාරි හැත්තට අලුත් ආණ්ඩුව එපාවුණා. මුන්ට දුන්නත් හාල් මිල බස්සන්න බැරි නම් මහින්ද කොච්චර අගේද කියලත් සමහරුන්ට කියවුණා.
ඒ මේ දේවල් කතාවෙද්දි ජේ වී පී කයිවාරු ගැනත් තැන තැන කතාවුණා.
සමහරු කිව්වෙ සල්ලි අරන් වුණත්  මෛත්‍රීපාල සිරිසේනට පෝස්ටර් ගහල දීපු ජෙප්පො රටපුරා වේදිකාවල නොනැග්ගාට මෛත්‍රී ජනපති කරගත්තෙ ගත්තෙ හීන්නූලෙන් තමයි කියලයි.
තවත් වැදගත් දෙයක් වෙමින් තිබෙනවා, ඒ ගැන කිව්වාම ඒ වැඩේ නතර වේද කියලත් සැකයි. ඒත් නොකියා බෑ..ඒ තමයි ජාතික රූපවාහිනිය ජාතික වෙමින් තිබෙනවා.
ඒ වගේම ලංකාවට රූපවාහිනී හඳුන්වාදීපු ශාන් වික්‍රමසිංහ නාමය අගයමින් ITNනාලිකාව ශාන් වික්‍රමසිංහට දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද.
*
**************************************Tongaa**********************************************
******************************(a Proud Sri Lankan)***************************************

Tuesday, February 3, 2015

නිදහස අහිමි කොට සැමරෙන 67 වන නිදහස් සමරුව...



ඉංග්‍රීසි භාෂාව ලෝක ව්‍යාප්ත
ලින්ක් ලැංග්වෙජ් වෙලා තියෙද්දි
ඉංග්ලිෂ් ලැංග්වෙජ් හෙවත් කඩ්ඩ නැතුව බෑ කියල
ගමේ එවුන් මියෙන තුරා ඉංගිරිසි ඉගෙන ගනිද්දි
කිසි කිසි ගාල කඩ්ඩ වමාරන අගනුවර කළු සුද්දො කපාගෙන
මාතෘ භූමියේ ගමේ බයියෙක් විධායකයේ අභිශේක කෙරුණා........
ඒ වුනාට ඊට යටින් යන මායාව කෙසේනම් හිතාගන්නද?
ලස්සනයි සුබයි නියමයි මරේ මරු කියල
සමහරු ඓශ්චර්‍ය්යෙන් අවට බලද්දි
ඉංග්‍රීසි පාලනය පන්නා ලද නිදහසේ 67 සැමරුම
මිත්‍යාවක් කියලා කාටද තේරෙන්නෙ.............
අද වනවිට සමස්ථ ලාංකික ජනතාවම
කිසියම් ආකාරයකින් සිහින ලෝකයක අතරමං වෙලා
ඒක තේරුම් කරන්නෙ කොහොමද?

මාළුවා දියෙන් ගොඩ ගත්තාම
ඌ ගොඩබිමත් පීනන්න හදනවා
අපිට ඒක තේරෙන්නෙ මාළුවා ගැහෙනවා කියල වෙන්න පුළුවන්
ඒ අපිට මාලු චෛතසිකය නොතේරෙන නිසාවෙන්

කොයි හැටි වුවත්, මේ වනවිට
මේ පුංචි ලංකාව තවත් පලස්තීනය වෙන්න හෝ
තවත් අරාජික දේශයක් වෙනවා දකින්නට
මාන බලන වුන් උන්ගේ ඉත්තන් පෝෂණය උදෙසා
මේ දිනවල උපාය සදනවා
ආන්න එම නිසා
67 වන නිදහස සැමරෙන්නෙ අස්ථාවර මාවතක
හෙමින් තල්ලුවෙන පුංචි දිවයිනක් ලෙසින් බව
අමතක කරන්න එපා...........

අපේ රටට විදේශිකයෙක් ආවම
ඌ යන යන තැන
ජාතිවාදයෙන් වාර්තා කරන මාධ්‍ය ජවනිකා
බෙදුම්වාදී කෝනයෙන් වාර්තා කෙරෙද්දි
යන්නෙ කොහේද කියල නොතේරෙන්නත් බෑ
නමුත් කවුද මේවා තෙරුම් ගන්න උත්සාහ කරන්නෙ?

කෙටියෙන් කිව්වොත් එකිනෙකා බල ලෝබයට
තල්ලු කොට
වෛරී සිතිවිළි වලින් වෙලා තැබූ දේශයක
සැමරෙන නිදහස ව්‍යාජ හා නොවැදගත්
සැමරුමක් නොවන්නේද?
සැමරුමට පෙර එකම දැයක දරුවන් ලෙසින්
එක්වන්න සිතුවොත්
එයම සැමරුම අර්ථවත් කරාවි!

ජාතික ධනය සම්පත වනසන්න එපා
සිරිලක් දේශයේ නම ගරහන්න එපා
අයුක්තියට ඉඩදී හිස නමන්නෙපා
දිවි තොර වුණත් යුතුකම මග හරින්නෙපා

UUUUU.I'm Tongaa.(a Proud Sri Lankan).UUUUU

ගෝඨාභය හැරූ වැවෙන් මෛත්‍රී හංසයා නාවයි...




වර්ෂ 2015 ජනවාරි මස 08 වැනිදා වනවිට
ශ්‍රී ලංකාවේ ජනතාව
කිසියම් ආකාරයකින් පීඩාවකට පත්වී සිටියේය
ඒ පීඩාව අන් කිසිවක් නොව
නොකඩවා වසර 09ක් රට පාලනය කළ
මහින්ද රාජපක්ෂ
ජනතාවට හොරා............ ජනතාවට නොදී.....
තනිවම රජ සැප විඳිනවාද?
තනියම කනවාද? යන මානසික පීඩාවයි.
මේ ගැටළුව යොදාගත් මාධ්‍ය කඩ කාරයෝ
අතේ පිච්චිය නැතුව හිටි යූ ඇන් පී කයිවාරුවට 
මුක්කු ගැසුවේය,,,,,,,,,,
ඒ උත්සාහයේ දීද තම දැනුම් ප්‍රමාණව   ඔළුව බේරා ගැනීමට 
මොළේ පාවිච්චි කළ රනිල් වික්‍රමසිංහ
ජනාධිපති වරණයේ බර කොහේදෝ පැත්තක සිටි මෛත්‍රීපාල සිරිසේනට බාරකළේය,
ඒක එහෙම වුණේ රනිල් හිතුවේ UNP යට පරාජය නියතයි කියාය,
එය එසේ වීනම් මතුවටත් විපක්ෂ නායක කම ෂුවර් යැයි රනිල් සතුටු විය.
මේ අතර වටෙන්ම චොර වෙලා වගේ හිටි ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුද දෙතුන් දෙනෙක් මෛත්‍රීට  කඩේ ගියේය,
මෛත්‍රී කසය අතට ගෙන පෙරමුණ ගත්තේය
පෙරහැරේ පස්සෙන් හැඩදැමූ අලි එන බවද 
මෛත්‍රී දැන සිටියේය
ඒත් ගමේ එකා වූ මෛත්‍රී තම මහලේකම් තොප්පිය
වෙලට දමා අමුඩය පිටින් මඩ සෝදාගෙන
මහින්දගේ බිත්තර ආප්ප දෙකත් කොටාබා
කොළඹ 07 සෙන්ට් සුවඳ මැද 
කාම තණ්හා පෙනි පෙනී
රනිල්ගේ අතවූ කොලපාට තොප්පිය හිස දමා
සජිත් ප්‍රේමදාසට ද  කොකා පෙන්නා
හංසයාද කැටුව දියවන්නාව පැත්තේ 
ගෝඨාභයා හෑරූ ජල තටාකයකින් හංසයාද නාවා ගෙන
එක් රැයින් ජනාධී පති නම් වීය
ඒත් 
ඉන්පසු දුක්බරව
ඇමතිකම් ටික අල්ලාගෙන සැනසෙන්නට 
පටන්ගත් යූ ඇන් පී මංත්‍රීවරු දැකීමෙන්
කෝපවී සිටින......... හංසයාට ඡන්දෙ දුන් කොල්ලො කෙල්ලෝ
අධිවේග නැති, වරාය නැති 
වරාය නගර නැති
කොල පාට කොත්තමල්ලිවලට වඩා
දම්පාට මහින්ද හිටියා නම් හොඳයි යැයි 
දැන් කියන්නට පටන්ගෙන තිබේ
මහින්ද ගැන වපුරා තිබූ බොරු
පට්ටපල් බොරු බව දැන් රටම දනී
ජනතාව දැන් මහ මැතිවරණයක් එනතුරු බලා සිටී. 
~~~~~~~~~තිරසාර~~~~~~~~

Sunday, February 1, 2015

සාපේක්ෂතාව නිරපේක්ෂව දැකීම හෙවත් සතුට ඇතිවීම.




සාපේක්ෂතාව යනු සාපේක්ෂව දැකිය හැකි ප්‍රපංචයක් නොවන අතර 
එය නිරපේක්ෂව නිරීක්ෂණය කළ යුතු කල්පිතයකි.

ආරම්භයේ, භෞතික විද්‍යානුකූලව A සහ B වස්තූන් දෙකක් සළකමු,
භෞතික ගති විද්‍යාවෙහිදී, සාපේක්‍ෂ ප්‍රවේගය යනු, එසේ නො‍වන බව පල කර නොමැති නම්, සාමාන්‍යයෙන් අවස්තිථි සමුද්දේශ රාමුවක් වන්නාවූ, එකම ඛණ්ඩාංක පද්ධතියක් තුලදී සිදුකෙරෙන, වස්තූන් දෙකක ප්‍රවේගයන් අතර දෛශික වෙනස වේ.
නිදසුනක් ලෙස, 
A සහ B යන අංශූන් දෙකක ප්‍රවේගයන්, දී ඇති අභ්‍යන්තර ඛණ්ඩාංක පද්ධතිය අනුව, 
පිලිවෙලින් VA සහ VB නම්, B ට සාපේක්‍ෂව A ගේ සාපේක්‍ෂ ප්‍රවේගය (B ට සාපේක්‍ෂව A ගේ ප්‍රවේගය හෝ V(A,B) ලෙසද හැඳින්වේ) යනු,
V(A,B)=V(A) -V(B) වන අතර
ප්‍රතිලෝම වශයෙන්, A ට සාපේක්‍ෂව B ගේ ප්‍රවේගය යනු,
V(B,A)=V(B) -V(A) වෙයි.
ගැලීලියානු ප්‍රගති විද්‍යාවේ දී (විශේෂ සාපේක්ෂතාවාදයේ ආචරණ නොසලකා හැරි විට) අංශු දෙකක් අතර සාපේක්ෂව ප්‍රවේගය ඕනෑම සමුද්දේශ රාමුවකදී සමාන වේ. මීට හේතුව එක් අවස්ථිතික කණ්ඩාංක පද්ධතියක සිට වෙනත් එකකට මාරු වීමේ දී ප්‍රවේග දෛශික යුගලටම පොදු වෘද්ධීය දෛශිකයක් පමණක් එක් වීමය.(ගැලිලියානු ප්‍රගති විද්‍යාවට අනුව) එබැවින් ඕනෑම ප්‍රවේග යුගලක් අතර වෙනස වෙනස් නොවේ. කෙසේ නමුත් විශේෂ සාපේක්ෂතා වාදයේ ආචරණ,ගණනයන් සදහා ගැනීමේ දී අංශු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය එක් එක් ප්‍රවේගයක් විනිශ්චය කිරීම සඳහා සකසනු ලබන අවස්ථිතික ඛණ්ඩාංක පද්ධති මත රඳා පවතී. එක් ආවස්ථික කණ්ඩාංක පද්ධතියක සිට තවෙකකට වන මාරුවීමේදී එහි සිදුවන වෙනස්වීම ද වෘද්ධි උදෙසා වෘද්ධිය දෛශිකයක් එකතුවීම වඩා සංකීර්ණ වන බැවිණි.

දෙවනුව,
මානව විද්‍යානුකූලව A සහ B පුද්ගලයින් දෙදෙනෙකු සළකමු.
මානව සමාජයේ සාපේක්ෂතාව යනු සාපේක්ෂව දැකිය හැකි ඝටනා ගුණයකැයි සැම විටම බාහිර සාධක වල තෘප්තතාව මත අවසාන නිගමනය සාධනය කිරීමට හුරු වී ඇති සමාජය සලකයි.අධික වර්ෂාවේ තම බිරිඳ සහ දියණිය වෙනුවෙන් රාත්‍රි ආහාරයට පාන් ගෙඩියක් රැගෙන ඒමට යන A නම් පුද්ගලයා,තමාගේ කෙසේවෙතත් තම පවුලේ කුසගින්න මූලික කොට ගත් මානසික වේදනාවකින් පෙළෙයි.කුසගින්න මානසික ප්‍රශ්නයක්ව ඇති මොහොතේ සුපිරි රියක වේගයෙන් ඇදී යන B නම් පුද්ගලයෙකු බාහිරව පමණක් නිරීක්ෂණය කරන A,තමාට සාපේක්ෂව B කෙතරම් සැපවත් ජීවිතයක් ගත කරනවාදැයි සුසුම් හෙළයි.නමුත් සුපිරි රියක ගමන් ගන්නා B,තම බිරිඳගේ අනියම් පෙම නිසා දික්කසාද නඩුවක පැටළී ඇති ,තම දියණියගේ අයිතිය පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා නීතිඥවරුන් හමු වීමට ගොස් පැමිණෙන අයෙකු බව,එය අහ්‍යන්තර නිරීක්ෂණයකට අවස්ථාවක් නොලබන A නොදනියි.එම කරුණ A දැන සිටියේ නම්,B ට සාපේක්ෂව තමා කෙතරම් සුපිරි ජීවිතයක් ගත කරන්නේද සිතමින් කුසගින්නේ වුවත් සතුටු වනු ඇත.ඉහත සිද්ධියෙහි A සහ B හි විලෝමයද සත්‍ය එයි.එනම් අසම්පූර්ණ නිරීක්ෂණ මත පදනම්ව යම් සාධකයක් සාපේක්ෂව විශ්ලේෂණයෙන් එළැඹෙන වැරදි නිගමන නිසා මනසෙහි දුක ඇති වන අතර,එම සාධකය සම්පූර්ණ නිරීක්ෂණය මත නිරපේක්ෂව විශ්ලේෂණයෙන් මනසෙහි පෙර කී දුක ඇති නොවේ.දුක නැත යනු සතුට ඇත යන්නයි. නමුත් ගැටලුව වන්නේ සෑම සාමාජීය අවස්ථාවක්ම සම්පූර්ණව නිරීක්ෂණයට අවස්ථාව නොමැති වීමයි.නිරීක්ෂණ අවස්ථා නොමැති වුවද ඒ වෙනුවට මානවයින් සඳහා සොබාදහම බුද්ධිය පරිත්‍යාග කොට ඇත.පරිපූර්ණ නිරීක්ෂණයකින් තොරව වුවද,අදාළ සාධකය බුද්ධිමය විශ්ලේෂණයකින් පසුව අදාළ සාධකය සඳහා බොහෝ දුරට නිවැරැදි කල්පිත වලට එළැඹිය හැක.යම් සාධකයක් සඳහා අසම්පූර්ණ නිරීක්ෂණ විශ්ලේෂණය මත පදනම්ව වැරදි නිගමනයට එළැඹ මනසෙහි දුක ඇති කර ගැනීමට වඩා,අදාළ සාධකය බුද්ධිමය විශ්ලේෂණයකින් අනතුරුව එළැඹෙන කල්පිතය මත පදනම්ව දුක නැති කර ගැනීම වඩා වටින්නේය.ජීවන සාර්ථකත්වය සඳහා ඉවහල් වන්නේය.
මානව සතුට යනු ජීවී හෝ අජීවී භෞතික වස්තූන් පරිශීලනයේ සහ ලඟ තබාගැනීමේ ශක්‍යතාව මත පදනම්ව,තම ජීවිතය පිළිබඳව ඇති වන්නා වූ තෘප්තතාව ලෙස වර්තමාන සමාජය අර්ථ දක්වයි.එනම් ඉහත පැහැදිලි කිරීම අනුව සතුට තෘප්ත නොකරන්නා වූ භෞතික සාධකම, වත්මන් මානවයා පුද්ගලානුබද්ධ මානසික තෘප්තතාව මිනීමට අද ද හාවිතා කරයි.ධනයෙන් ආඩ්‍ය පුද්ගලයෙකු තමාට අහිමි දරුවන් පිළිබඳවද,කාන්තාවන් පිරිවරාගෙන සිටින පුද්ගලයකු තමාට සැබවින්ම පෙම්වතියක් නොමැති කමෙනුත් දුක් විය හැක.නමුත් බාහිර යථාත්‍ය සාපේක්ෂ භෞතිකත්වය පදනම් කොටගෙන, බාහිර සමාජය සෑම විටම ඔවුන් පිළිබඳව වැරදි නිගමන වලටම එළඹෙයි.සෑමවිටම මානසික ස්ථාවරත්වය මූලික කොටගෙන පැන නගිනු ලබන සතුට හෙවත් තෘප්තතාව නැති වන ප්‍රධානතම හේතුව වන්නේ අදාළ සමාජීය සාධකය අන්‍යයන්ට සාපේක්ෂව තමාට නැත යන සංකල්පය සමඟ සිතෙහි ඇති වන ඉච්ඡාභංගත්වයයි.එහිදී දැනට තමා සතුව පවතින සියළුම සාධක පසුපසට හෙළනු ලබන අතර,නැති සාධකය වෙනුවෙන් පමණක්ම සටන් කරයි.නැති සාධකය වෙනුවෙන් සටන් කරන අතරතුර ඇති සාධක කුමක් වුවත් තමාට අහිමි වීම,එම මොහොතට සාපේක්ෂව ඔහුට අදාළ නැත.ඒ අහිමි වූ සාධක පිළිබඳව යට කී ලෙසම මනස පෙළීම ඇරඹෙන්නේ සටන් කළ මුල් සාධකය හිමි වීමෙන් අනතුරුවය.නැවත එම සාධකය ද ඇතුළුව ඉතිරි සියළු සාධක යලිත් පසුපසට යන අතර,නැති වූ සාධක වෙනුවෙන් යලිත් සුපුරුදු සටන ඇරඹෙයි.එනම් නැති සාධක,ඇති සාධකවලට වලට සාපේක්ෂව ඉතා ඉහළ වටිනාකමක් දරන අතර,ඒ අනුව යම් සාමාජීය සාධකයක වටිනාකම, ''ඇති'' සහ ''නැති''  අන්ත දෙක අතර දෝලනය වෙයි.මානව මානසිකත්වය සතුට සහ දුක අතර අනුවර්තීය චලිතයක යෙදෙන්නේ එළෙසය.
අවසානයේ,ඇති සාධකයන් නිරපේක්ෂවද,නැති සාධකයන් සාපේක්ෂවද නිරීක්ෂණය කළ හැකි නම් එම මොහොත තමාව නිවැරදිව දැකීමේ ආරම්භය ලෙස සැලකිය හැක.එවිට තමාට ඇති සාධක පිළිබඳව උපේක්ෂාව ද ,නැති සාධක පිළිබඳව වීර්යය ද පහළ වනු ඇත.සරලව සැලකුවහොත් වර්තමානයේ සතුට බලාත්මකව පවතිනු ඇත.නමුත් එහිදී නැති සාධක වෙනුවෙන් දියත් කරනු ලබන සටන වඩාත් තීව්‍ර ලෙස දියත් කළ යුතුය.මන්දයත් වත්මන් සතුටට සාපේක්ෂව උච්ච සතුටක් අනාගතයේදී මනසෙහි ඇති වන්නේ,වත්මන් සතුට විඳීම තුළින්ම අනාගත සතුට උපයාගනු ලබන නිසාවෙනි.එනම් ඇති සාධක නිසා වත්මන් මනසෙහි ඇති වූ සතුට,නැති සාධක වෙනුවෙන් සිදු කරනු ලබන සටන අතරතුර වුවත්, සාපේක්ෂ උච්චාවචනයන් සහිතව නමුත් අනාගතය දක්වාම දුක වෙනුවට මනසෙහි බලාත්මක වනු ඇත.එවිට ක්ශය වන පාරභෞතික ලක්ෂණ වෙනුවෙන් මනසෙහි ඊනියා වටිනාකමක් ලබාදීම වෙනුවට, සදාතනික දයලෙක්කිත ලක්ෂණ වෙනුවෙන් යථාත්‍ය ඉඩක් වෙන්වනු ඇත.තම සතුට නිරපේක්ෂවද,දුක සාපේක්ෂවද දැකීමට හැකිවනු ඇත.
            ________________ සංතුෂ්ටි පරමං ධනං ________________ 
           ******************** දස්කොන් ********************