advertistment
Sunday, December 28, 2014
අමාත්‍ය ෆවුසි බිලිබා ගැනීමට ගිය සිරිසේන නොන්ඩි වී ආපසු පැමිණෙයි!!!
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා සහ ඔහුගේ පුතණුවන් බිලිබා ගැනීම සඳහා ඔහුගේ නිවසට
බදාදා (24) රාත්‍රී 11:00ට පමණ සිරිසේන මහතා ගොස් ඇති බව වාර්තා වෙයි. මෙහිදී
සිරිසේන මහතා පවසා ඇත්තේ තමාගේ දෑත් සවිමත් කිරීමට ෆවුසි මහතාට සහ පුත්‍රයාට එකතු වන ලෙස
තමා ආරාධනා කරන බවයි.
මෙහිදී මෙම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ෆවුසි මහතා පවසා ඇත්තේ තමා නියම ශ්‍රී
ලාංකා පාක්ෂිකයෙක් බවත් කිසිදා පක්ෂය හැර නොයන බවත්ය.
මේ අවස්ථාවේදී සිරිසේන මහතා පවසා ඇත්තේ "ඔබතුමාටත් මම සිංගප්පුරුවෙන් මිලියන 200ක් අරන්
දෙන්නම්" කියාය.
මෙයින් කෝපයට පත් ෆවුසි මහතා පවසා ඇත්තේ "තමුසේ හිතුවද මම බටහිර තානාපති කාර්යයාල වලින්
දෙන සල්ලි වලට යටවෙන බදුදීන් වගේ මිනිහෙක් කියල. මට බිලියනයක් දුන්නත් මම පක්ෂෙන් යන්නේ නැහැ.
මම නියම මුස්ලිම් භක්තිකයෙක්. මම නියම ශ්‍රී ලංකා කාරයෙක්. තමුසේ මගේ ගෙදරට ආපු
නිසා ඉවසනවා. බහිනවා දොට්ට." යනුවෙනි.
මෙහිදී සිරිසේන මහතා හත් පොලේ ගාගෙන එතැනින් පිටව ගොස් ඇති බව අපට වාර්තා වෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment