advertistment

advertistment

Thursday, December 25, 2014

රුසියාවේ ක‍්‍රිමියාවට ඇමරිකාවෙන් සම්බාධකරුසියාවේ ක‍්‍රිමියානු අර්ධද්වීපයට බලපාන පරිදි ආර්ථික සම්බාධක පැණවීමට ඇමරිකාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් මේ පිළිබඳ නියෝගයක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව ක‍්‍රිමියාව වෙත භාණ්ඩ, තාක්‍ෂණය හා සේවා අපනයනය කිරිම තහනම් කර ඇති අතර ක‍්‍රිමියාවෙන් භාණ්ඩ, තාක්‍ෂණය හා සේවා ආනයනය කිරීමද තහනම් කර තිබේ.
ක‍්‍රිමියාව තුළ නව ආයෝජනයන් සිදුකිරීමද නව නියෝගයට අනුව වාරණය කර ඇත.
මෙම නියෝගය හරහා ක‍්‍රිමියාව තුළ ක‍්‍රියාත්මක වන සමාගම් සහ පුද්ගලයන් වෙත සම්බාධක පැණවීමට භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර දී ඇතැයිද පැවසේ.
ඇමරිකාව විසින් මේ පියවර ගැනීමට දිනකට පෙර යුරෝපා සංගමයද මාර්තු මසදී ජනමත විචාරණයක් හරහා රුසියාවට එක්වූ ක‍්‍රිමියාව හා සෙවස්ටපෝල් ප‍්‍රදේශයන් වෙත සම්බාධක පණවනු ලැබිණි.
මෙම ඒකාබද්ධ වීම ඇමරිකාව විසින් පිළිනොගන්නා අතර ක‍්‍රිමියාව ඈඳාගැනීමේ උත්සහය අත්හරින ලෙස රුසියාවට අවධාරණය කර තිබේ.
රුසියාවේ කි‍්‍රයාවන්ට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස සම්බාධක පැණවීම සලකා බලන බව ඇමරිකානු ජනාධිපතිවරයා අත්සන් කර ඇති නිවේදනයේ දැක්වේ.
රුසියාවට එරෙහිව තවදුර සම්බාධක පැණවීම සඳහා අවකාශ සැලසුණු 2014 යුක්රේන නිදහස් සහයෝගී පණත පසුගියදා ඇමරිකානු කොංග‍්‍රසය තුළ සම්මත කෙරිණි.

No comments:

Post a Comment