advertistment

advertistment

Wednesday, December 31, 2014

විධායකය,මහින්ද සහ මෛත්‍රී...
















''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද​?
 විධායක ජනාධිපති ක්‍රමයෙහි බලතල අඩු කරනවාද​?
 විධායක ජනාධිපති ක්‍රමය විමධ්‍යගත කරනවාද​?
 තීරණය කළ නොහැකි තැනකට දැන් එය පත්ව තිබේ.
 අද වන විට මෙම ප්‍රවාදය කුමන්ත්‍රණයක් බව හෙළිව ඇත​.''
        ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ,
        ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය​,
        ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි,
        ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී...

වර්ෂ 2005දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වන්නේ සැබෑ ජනතා අවශ්‍යතාව මොනවට පැහැදිලි වූ අවස්ථාවක් සනිටුහන් කරමිනි.ඒ වන විට ශ්‍රී ලංකාවේ යුද්ධය පරාජය කළ නොහැක යන මතවාදය සමස්ථ සමාජය වෙත ඒත්තු ගන්වා තිබුණි.එවන් වටපිටාවක සෝම හාමුදුරුවන්ගේ දේශප්‍රේමී අර්ථකථනයත්,මහාචාර් ය නලින් ද සිල්වාගේ සැබෑ සිංහල හඬත් වාතලයට මුසු වී තිබිණි.
වසර 26ක් පුරා ම්ලේච්ඡ ත්‍රස්තවාදය තුළම හෙම්බත්ව සිටි සකළ ලංකාවාසී ජනතාවට වඩාත් පැහැබර අනාගතයක් සඳහා තීරණයක් ගන්නට අවශ්‍ය තත්වය සැකසී තිබුනේ මාතෘ භූමිය පිළිබඳ වූ අවංක​ ආදරයෙනි.

එදා මහින්දට බලය නොලැබුනා නම් අද වන විට රනිල් වික්‍රමසිංහ මාතෘ භූමිය බෙදා,දෙරටක් නිර්මාණය කර තිබෙන්නට තිබුණි.
ජාතියේ වාසනාවට ආසියාවේ සාමය උතුරා යන භූමිය ශ්‍රී ලංකාවයි.
මෙවන් රටක් වෙන කොතැනක හෝ තිබේද​?
එදා රට බෙදන්නට ගිවිසුම් ගැසූ රනිල් වික්‍රමසිංහ සහ
රට වෙනුවෙන් යුධ වැදීම නොදන්නා චංද්‍රිකා,
දැන් මේ හදන්නේ කුමක් කරන්නද​?
යලි යුද්ධය එපා කියන්නත්,
රට බෙදන්න දෙන්න බෑ කියන්නත්,
ජනතාව සූදානම් වන මේ මොහොතේ,
මහින්ද රාජපක්‍ෂ යනු,
ජනතාවගේ ජනාධිපතිවරයාය​,
ජනතාවගේ නායකයාය​,
මේ කරුණු ජනතා හදවත් තුළ ඇති තුරා,
ඊනියා ඩයස්පෝරාවේ අභිමතය හසුරුවන​,
බටහිර බලවේග සියල්ලම​,අසරණය​.

Justification and Narration by;
Sri Lankan think tank,(SLTTDRSP)

No comments:

Post a Comment