advertistment

advertistment

Sunday, December 28, 2014

ජනපති ධූරය වෙනුවෙන් මුස්ලිම් කොන්‍‌‍ග්‍ර​සයට නැගෙනහිර පාවා නොදුන් මහින්ද



මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් සිරිසේනට සහයෝගය
දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තිස්සේ චඳ්‍රිකා,
සිරිසේන, රනිල් සහ හකීම් අතර ඇති වූ සාකච්ඡා හුවමාරු
වන මුදල් ප්‍රමාණයේ එකඟතාවය මත සාර්ථක වූ බව
වාර්තා වෙයි.
මෙහිදී මුස්ලිම් කොංග්‍රසයේ අමාත්‍යවරයකුට මිලියන 200ක්,
නි. අමාත්‍යවරයකුට මිලියන 150ක්, පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකුට මිලියන 100ක්, පළාත් සභා මන්ත්‍රීවරයකුට
මිලියන 50ක්, ප්‍රාදේශීය සභා සහ
නගරසභා මන්ත්‍රීවරයකුට මිලියන 25ක් බැගින් ලබාදීමට
සිරිසේන සහ චඳ්‍රිකා එකඟ වී ඇත.
මේ සඳහා සියලු මුදල් සැපයෙන්නේ බටහිර තානාපති
කාර්‍යයාල වලින් බවත් එම මුදල් ලබාගැනීම සහ විදේශ
රටවල බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා දැනටමත් මුස්ලිම්
කොංග්‍රස සාමාජිකයින් සිංගප්පුරුවට යාමට නියමිත බවත්
අපට වාර්තා වෙයි. මේ අනුව ඉදිරි දින කිහිපය තුල හකීම්
ඇතුළු මුස්ලිම් කොංග්‍රසය සිරිසේනට නිල වශයෙන් සහයෝගය
දෙන බව වාර්තා වෙයි.
2005 සහ 2010 වර්‍ෂ වලදී පවත්වන ලද
ජනාධිපතිවරණවලදී මහින්ද රාජපක්‍ෂ මහතාට මුස්ලිම්
කොංග්‍රසයේ සහයෝගය නොලැබුණු බවත්, 2010දී මුස්ලිම්
කොංග්‍රස සහාය නොමැතිව මහින්ද රාජපක්‍ෂ
ජනාධිපතිතුමා වැඩි ඡන්ද ලක්‍ෂ 18 කට වැඩි ප්‍රමාණයකින්
ජයග්‍රහණය කළ බවත් අපි ඔබට මතක් කර දෙන්නෙමු.
මෙම විදේශීය කුමන්ත්‍රණ වලින් රට බේරාගැනීමට මහින්ද
රාජපක්‍ෂ ජනාධිපතිතුමා වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින්
ජයග්‍රහණය කරවීම රටට ආදරය කරන සියලු දෙනාගේ පරම
යුතුකම බව අපි මතක් කර දෙන්නෙමු.

2 comments:

  1. obathumanta jathiye uththamacharaya

    ReplyDelete
  2. ජාතික ධනය සම්පත වනසන්න එපා
    සිරිලක් දේශයේ නම ගරහන්න එපා
    අයුක්තියට ඉඩදී හිස නමනු එපා
    දිවි තොර වුවත් යුතුකම මගහරිනු එපා

    ReplyDelete