advertistment
Sunday, December 28, 2014
රජතුමනි ඔබට මා ද්‍රෝහී වූවා නොවේ
ජනාධිපතිතුමණි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහිත්වය සහ කුහකකම මාගේ ජානවලම රැදී තිබේ.
මම පාසල් වියේදී එන්. සම්මුගදාෂන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට සම්බන්ධ වී පසුව එතුමාට ද්‍රෝහි වීමි.ඉන් පසුව චේගුවේරා ව්‍යාපාරයට සම්බන්ධ වී පංති 05 ම හදාරා පසුව ජේ.වී.පී යට ද්‍රෝහි වීමි. එහිදී මම ද්‍රෝහි වූයේ චේගුවේරා ව්‍යාපාරයට සම්බන්ධ තරුණයන්ගේ නාම ලේඛණය දිස්ත්‍රික් ලේකම් වෙත භාරදීමට දිස්ත්‍රික් ලේකම් නිල නිවසට මාගේ හෛතෂීව සිටි ප්‍රේමසිරි ලියන මහත්තයා, තුන්මෝදර හා මා රැගෙන යන අවස්ථාවේදී නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වීමෙනි. එම පාවා දීමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මා හට වසරක් පමණ මඩකළපුව බන්ධනාගාරයේ සිර බත් කන්නට විණි. එහිදී බන්ධනාගාරය ඇතුලත තරුණයින්ගේ සංවිධාන කටයුතු ජේලර් වරුන්ට හොර රහසේ ඔත්තු සැපයීම නිසා බන්ධනාගාර ගත තරුණයන්ගේ පහර කෑම් වලටද අවස්ථා කීපයකදී ගොදුරු විය. පොළොන්නරුව මන්ත්‍රීව සිටි ලීලාරත්න විජේසිංහ මැතිතුමා සමඟ එක්වී ශ්‍රීලංකා නිදහස් පක්ෂයට බැඳි පොරක් වූ මා හට තාත්තා බඳුව සැලකූ එතුමාට ද්‍රෝහි විය. එතුමාට එරෙහිව කටයුතු කර, එතුමා පක්ෂයෙන් පන්නා දැමුවෙමි. පසුව මින්නේරිය මහජන මන්ත්‍රී රත්න දේශප්‍රිය සේනානායක මහතා සමඟ එක්ව එතුමාගේ උදව්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් තනතුර ලබා ගෙන පසුව මින්නේරිය අතුරු මැතිවරණයේදී එතුමාගේ කකුලෙන් ඇද පරාද කොට එතුමාටද ද්‍රෝහි වීමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ උප සභාපති තනතුර මට ලබා දී මාව කියුබාවේ සහ චීනයේ තරුණ සමුළු වලට කැඳවාගෙන ගිය අනුර බණ්ඩාරනායක මහතාට දිගින් දිගටම ද්‍රෝහි වීමි. එතුමා පක්ෂය හැරදා ගියේ එතුමාට මා ඇතුළු කණ්ඩායම ද්‍රෝහිකම් කල නිසයි. .......
978 ට පෙර පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකව සිටි බෞද්ධසාර මහතාගෙන් පටන් ගෙන නීතීඥ කේ.ඩී.විමලදාස මහතා ඇතුළු තරුණ සමිති නායකයින් වූ කරුණාසේන ගමගේ, ජී.එල්.ඩී. නන්දසිරි හා පසුව පොළොන්නරුව පළාත් සභා මන්ත්‍රී නීතීඥ එස්.බී. සංඝක්කාර, මැදිරිගිරිය මන්ත්‍රී නන්දසේන හේරත්, මින්නේරිය මන්ත්‍රී තිලක් බංඩාර මහ ලේකම්, පළාත් සභා ඇමති ආනන්ද සරත් කුමාර රත්නායක, ප්‍රාදේශීය සභා සභාපති එස්.එම්.ඒ. ස්මයිල්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ.බී.වීරසිංහ ඇතුළු තරුණ ක්‍රියාකාරකයින් රැසකට මම ද්‍රෝහි වීමි. ඔවුන්ගෙන් බහුතරයක් මවිසින් ඌණ්P යට පන්නා දමන්නට විය. එපමණක් නොව මට තරුණ සමිති සම්මේලනයේ සභාපතිකම ලබා ගැනීමට ක්‍රියාකල විජය කුමාරතුංගට ද්‍රෝහි වීමි.
උතුරු මැද පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධජය ඉහලට ඔසවා තැබූ කැබිනට් ඇමති වරයෙකු හා උතුරු මැද පළාතේ මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකටද ද්‍රෝහි වන්නට දැරූ උත්සාහය ඔබ මේ වන විට තේරුම් ගෙන ඇතැයි සිතමි.
අතිගරු ජනාධිපති තුමාගේ උපකාරයෙන් පක්ෂයේ මහ ලේකම් තනතුරද වටිනා ඇමතිකම්ද ලබා මම ඔබ තුමාටද ද්රෝහිවීමි. දැන් මම කිඹූල් කඳුළු හෙලමි.
දේශද්‍රෝහීන්ගේ උපකාරයෙන් බටහිර අධිරාජ්‍යවාදී ගැත්තන්ගේ ඩොලර් වලින් අශුද්ධ සංධානයේ පොදු අපේක්ෂකව පොළොන්නරුවට එනදා මා පිළිගන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිසිවකු නොවිය. ඌණ්P කාරයින් හා JVP කාරයින් පමණක් මා වටා රොක් වූහ. මා පාක්ෂිකයන්ට කුඩම්මාගේ හැන්දෙන් බෙදා මාගේ පවුලේ අයට ලොකු හැඳි වලින් බෙදුවෙමි. අද පොළොන්නරුව සමස්ථ ආර්ථිකය පාලනය කරන්නේ මාත්, මගේ මල්ලිලාත් විසිනි. ලොකු මල්ලී විජයානන්ද සිරිසේන (ඩඩ්ලි සිරිසේන) වී හා සහල් ආධිපත්‍යද, පොඩි මල්ලී ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු) වැලි ජාවාරම්ද, අනෙක් මල්ලී කපිල ගාමිණී සිරිසේන (චමින්ද) කලුගල් කැඩීමද, පාරවල් සෑදීමද භාරව සිටී. මොහු සැදූ පාරවල් මාස 06 න් කැඩී බිඳී ගිය අතර, විනාශ වූ ජාතික ධනය කෝටි ගණනකි. ඔහුට “ඒ” ශ්‍රේණියේ මහා පරිමාන ගල් ඇඹරුම් කම්හල් 03 ක් බී, සී හා තඹුත්තේගම මහවැලි කලාප වල ඇත. කිසිම අවස්ථාවක රාජ්‍ය භාගය නොගෙවීමට ඔහු විසින් වගබලා ගෙන තිබේ. මාගේ ගජ මිතුරා අරක්කු විකුණයි. අනෙක් මිතුරාද කළුගල් කඩයි. (“ඒ” ශ්‍රේණියේ කළුගල් ඇඹරුම් හල කලහගල) ඔහුගේ විශාල වාහන නිසා පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම නිතර විනාශයට ගොදුරු වෙයි. මාගේ හරිහම්බ කරගත් වස්තුව බොහෝ තියෙන්නේ ඔහුගේ නමටයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාගේ පෞද්ගලික සහකාර වරිය ගිලන් රථ මිලදී ගැනීමේ කටයුත්තකට ඔහු සමඟ පසුගිය වසරේ ජපානයේ සංචාරයක් සඳහා පිටත් කර හැරියෙමි. නව නගරයේ තට්ටු 04 ක ගොඩනැගිල්ල (පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් සඳහා කුලියටදී තිබූ) සළුසල ඉඩම, ට්‍රැක්ටර් සංස්ථා ඉඩම, 28 කණුවේ ඉඩම, මාගේ වුනත් ඔහුගේ නමට මිළට ගත්තෙමි. 23 කණුව, බැදිවැව “ තිදස් අරණ” සංචාරක භෝජනාගාරය මගේ සල්ලි වුවත් මිළයට ගත්තේ ඔහුගේ නමිනි.
නවනගරය මාගේ නිවස සෑදීමට කෝටි 05 කට වඩා වැය විය. පරාක්‍රම සමූද්‍ර වැව් තාවුල්ලේ පොඩි කොලුවාට හදන මාලිගාව තට්ටු 04 කි. එය දැනට නිමව ඇත. ගම්පහ ඉඩම් රැසකි. වැලිවේරියේත් මාලිගාවකි. මගේ මල්ලී කපිල ගාමිණී සිරිසේන දැනට කෝටි 100 කට වඩා වියදම් කර සාදා ඇති නිවස ලක්ෂ උයනේ ඇල රක්ෂිතයේය. එය දුම්රිය රක්ෂිතයට අයත්ය. පසුගිය කාලය තුල J.V.P විසින් මේ සඳහා විරෝධතා පලවිය.
මා තරම් රාජ්‍ය සේවකයින් මාගේත්, පවුලේත්, දරුවන්ගේත් ප්‍රයෝජනයට ලබා ගත් දේශපාලඥයකු නැත. මාගේ නිවසේ සේවය කරන ගෘහ සේවිකාවන් සහ දුවගේ දරුවන් බලාගන්නා ආයම්මලාට පඩි ගෙවන්නේ සිවිල් ආරක්ෂක බලකායෙනි. “ තිදස් අරණ” සංචාරක හෝටලය හැදුවේ සිවිල් ආරක්ෂක බලකායේ සොල්දාදුවන් විසිනි. එම කටයුතු වලට රජයේ වාහන සමග උප පරීක්ෂක වරයෙකු යොදා ගන්නට විය.
නවනගරය නිවසේ වත්ත සැලසුම් කලේද, හැදුවේද රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයකු ලවාය. ඔහු අවුරුදු ගණනාවක් රෝහලෙන් වැටුප් ලැබුවත් සේවය කලේ මටයි මගේ වතු වැඩ වලටයි. මහවැලි ආරක්ෂක සේවකයින් මගේ පෞද්ගලික සේවයට යොදවාගෙන තිබේ. මගේ මැතිවරණ වලට ඉන්ධන සපයා ගත්තේ මහවැලි අධිකාරියෙනි. (ඉන්ධන බවුසර් කාර්යාල භූමියේ රඳවාගෙන යොදා ගන්නට විය) සියළු මැතිවරණ මුද්‍රණ කටයුතු ඉටුකර ගත්තේද මහවැලිය විසිනි. පසුගිය කාලයේ බොහෝ උදව් සෞඛ්‍යයෙන්ද ලැබුණි. පළාත් සභා ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල භූමියේ මහජන මුදලින් සාදන ලද බෞද්ධ සංගම් ගොඩනැගිල්ල දැන් මාගේ කාර්යාලයයි. බෞද්ධ සංගම් සභාපති ලෙස එහි ඔප්පුව මා නමින් ලබාගෙන ඇත. මගේ මතට තිතයි, දුමට තිතයි ඒත් මගේ මල්ලිලා තරම් විස්කි බොන සිගරැට් බොන වෙන අය පොළොන්නරුවේ නැත. මතට තිත සඳහා මම අරලගංවිල, කදුරුවෙල රෝහල් හංදියේ නව තැබෑරුම විවෘත කලෙමි. කදුරුවෙල රෝහල් හංදියේ හා මනම්පිටියේ බියර් සාප්පු විවෘත කළෙමි. මා තරම් සුපිරි දේශපාලන චරිතයක් තවත් සිටීද?
කොත්මලේ සුදු නංගිට (චමිලා) ගෙයක් සාදා දී පදිංචි කලෙමි. ඇයගේ දරුවා මගේ යයි පවසන නිසා ඇය විදේශ රැකියාවක් සඳහා පිටත් කොට දරුවා පොළොන්නරුවේ පාසලකට ඇතුලත් කලෙමි. මා බහුජන සංවිධාන රාශියක් ගොඩ නගා ඇත. සෑම සංවිධානයකින්ම මිලියන ගණනකින් මුදල් මා වෙත ලැබේ. මනම්පිටියේ වැලි ජාවාරම මල්ලිට රිසිසේ කරගෙන යාමට වෘත්තීය වැලි ගොඩ දමන්නන්ගේ බලපත්‍ර අවලංගු කලේය. දැන් ඉතිරිව ඇති සෑම වැලි ගොඩ දමන බලපත්‍රයකින්ම මාගේ බෞද්ධ සංගමයට මාසිකව රු: 25,000/= ක් පරිත්‍යාග කල යුතුය. මා අකමැති වුවද මනම්පිටිය වැලි සමාගම රුපියල් ලක්ෂ 05 ක මුදලක් මාෂිකව මාගේ ගිණුමට බැර කරයි.
C.ඒ.C.B එකෙන් මාගේ බහුජන සංවිධාන වෙත මහවැලි ඇමති වකවානුවේ පරිත්‍යාග සිදු කලෙමි. ඒවා ගිණුම් ගත කිරීමට මා හට අමතක විය. මගේ මල්ලී (විජයානන්ද සිරිසේන) අරලිය හෝටලය වෙන්දේසියෙන් මිළදී ගැනීමට ආ අයට පහර දී පන්නා දමා කුණු කොල්ලයට මිළදී ගත්තෙමි. මාගේ උදව්වෙන් සේරුවා හෝටලයේ පිහිණුම් තටාකයද පරාක්‍රම සමූද්‍රයේ වැව් රක්ෂිතයද ලබාගෙන සුපිරි හෝටලයක් ඉදිකර ඇත.
මා ඔබට සොඳුරු ආඥාදායකයෙකු යයි අමතන්නට විය. නමුත් පොළොන්නරුව ජනතාව මා කෘර ආඥාදායකයෙක් බව හොඳින් හඳුනයි.
ජනාධිපති තුමණි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහිත්වය සහ කුහකකම මාගේ ජානවලම රැදී තිබුණා පමණි.
මෙයට,
මෛත්‍රීපාල සිරිසේන.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment