advertistment

advertistment

Saturday, January 31, 2015

රුවැති ළඳුන්ගේ උකුල් තලා මත නිදියති තඩි බල්ලෝ ...





ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
පාදක ඡන්දවලින් විශාල ප්‍රමාණයක්
තම ජයග්‍රහණය වෙනුවෙන් යොදාගත්,
මෛත්‍රීපාල සිරිසේන(08/01/2015) ජනාධීපතිවරණය ජයගත්තේ
අනපේක්ෂිත සූදුවක හදිසි දිනුමක් වශයෙනි.
ගොඩනැගිල්ලක් හදන්නට අවශ්‍ය බඩු භාණ්ඩ රැස්කර
අවසාන වෙනතෙක් නොසිට;
ඇති සියල්ලෙන් අප්‍රමාදව වැඩපටන්ගත් මෛත්‍රීපාල සිරිසේන
කෙසේ හෝ ගොඩනැගිල්ල හදා නිම කළේය.
හදාගත් ගොඩනැගිල්ලට නමක් තබා ගැනීම මොන කජ්ජක්ද,
ඒක සිම්පල් වැඩකි.
සදාකාලික නොවන ලෝකයේ
මෛත්‍රී ආණ්ඩුව නැමති ගොඩනැගිල්ල තැනීමේදී............
පොලියට මුදල් හෙවත් ඡන්ද ඉල්ලාගත්
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට
අගමැතිකම දීමද මහ ලොකු කාරණාවක්ද නොවේ.
හේතු නම්;
බැංකුවකින් ණයට ගෙන ගොඩනැගිල්ල හදා
එම ගොඩනැගිල්ලම හෝ එහි කොටසක් හෝ,
ණයගත් බැංකුවට කුලියට දෙන්නා සේ............... 
රනිල්ට ආණ්ඩුවක් හදාගන්න දුන්නාට
ඒ මාසතුනක් වැනි සොච්ඡම් කලකට පමණි,
තවද....
මාස තුනක් ආණ්ඩු කරන්නට රනිල්ට බලය දී
හය(06)වසරකට ජන බලය හයිජැක් කරන්නට 
ගමේ බයියෙකු සමත්වී තිබේ!
බුදු දහමේ හැටියට විමසද්දී
එදා මහ ධන සිටුවරු හා රජවරුන්ද
දන් සිල් භාවනා කොට 
නිවන් පතද්දී / නිවන සිඟාකද්දී
පෙරපින් බලන් 
සුනීත සෝපාකලා නිවන් දැක්කා වගේ...................
මා මිත්‍ර මෛත්‍රීපාලට ද පෙරපින් ඵල දී තිබේ,
මෙතැන්දී චම්පිකලා,රතන උන්නාන්සේලා,හකීම්ලා,
අතින් සිදුවී ඇත්තේද පින් ඇති එකාට තැන ලබා දීමයි.
තවද එදා 08 දා මා හිතවත් මහින්දට වඩා
මෛත්‍රීගේ පින ඉස්මතුවී තිබූ බව
දිවැස් නැති ජ්‍යෝතිෂ ඔස්තාර් කයි වාරුවන්ටද
නොදැනෙන්නට ඇත.
කෙසේ වෙතත් මෛත්‍රීපාලගේ බිරින්දෑවගේ හඳහන ද
ලෝකායත ජ්‍යෝතිෂය අනුව බලවත්ව පිහිටීමක් විය යුතුමය.
ජ්‍යෝතිෂය තත්වාවබෝධයට මිස පව් ගෙවා දැමිය හැකි කෂායක් හෝ විජ්ජාවක නොවේ(රිසිවර මතයයි.)
සමහර බල්ලෝ ධන කුවේරයන්ගේ ගෙවල්වල
කන්‍යාවන්ගේ උකුල්තලා මත සිත්සේ නැළවී නිදා ගනිද්දී,
දෙපා ලත්  මිනිස්සු  අගුපිල්වල බුදියති.
සමහර සුනඛ පෝතකයෝ සුකුමාල කතුන් හා සමග
රති කෙළියේද හුදකලා වෙද්දී.........
ඇතැම් මනුස්ස පුරුෂයෝ විවාහයකට ළඳක් ළඳක්
යැයි සොය සොයා හඳහන් ඇද ඇදා මොනවාදෝ සොයති
කියන්නේද දකින්නේද සිතෙන්නේද මේ අප වසන
මේ ලෝකය.......... විෂමතා ගහණ වූ බවක් පමණෙකි.!
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
'''''''''I'mTongaa,(a Proud Sri ankan)''''''''''
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$  

No comments:

Post a Comment