advertistment

advertistment

Thursday, January 1, 2015

යහපාලන අයිසින් තැවරූ බෙදුම්වාදී වස කේක්.


හෙළ උරුමයේ නායකයන්ගේත් ,පොදු අපේක්ෂක වේදිකාවේ සියලු කථිකයන්ගේත්  තේමාව වී ඇත්තේ යහපාලනය ය. මීට වසර 200 කට පෙර 1815 දී අපේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක ඉතිහාසය පුරාවටම  අඥාන ක්‍රියාමාර්ගම ගත්හ. ඒ නොදන්නකමටය.සුද්දට රැවටිලාය.යහපාලනය පිළිබද ගිවිසුමක් අත්සන් කොට අපේ රජතුමා සමගම අපි සිට අපේ රට සුද්දට බාර කළෙමු. වසර දහස් ගණනක් පරපුරෙන් පරපුරට දිවිපුදා රැකගෙන ආ සිංහලේ  ස්වාධීන රාජ්‍යය අපට අහිමු වුයේ එමගිනි.වැඩිහිටි ජනයා මතු නොව වයස අවුරුදු දහය දොළහ ඉක්මවූ කොලු ගැටව්ද​ ඝාතනය කළ,කෙත්වතු හරකබාන සහමුලින්ම ගිනිතබා විනාශ කළ,ඵ​ල හටගන්නා සෑම සියලු ගසක් වැලක් ම කපා දමා ඇළ වේලි බිඳ​ මහා සාගතයක් උදා කළ ලෝක ඉතිහාසයේ කුරිරුතම මර්දනයට වෙල්ලස්ස බදුන් කලේ 1815 උඩරට ගිවිසුමේ යහපාලනයට දිවුරා පොරොන්දු වූ සුද්ද විසිනි.
ඉතින් වසර 200 යකට පසු අපි යලිත් ඒ අඥානකම ම කරමු ද? යහපාලනය වෙනුවෙන් සුද්දා සමග එක්ව  අඩාවැලපෙනා රටට අවමන් කරන,ජාතියට අවමන් කරන,රණවිරුවන්ට අවමන් කරන හවුලකට රටේ පාලන බලය පවරමුද? රට රැකදුන් නායකයා පාවාදී,සභ්‍යත්ව උරුමයට පිටුපා ලබාගත හැකි යහපාලනය කුමක්ද?එදා වෙල්ලස්ස් ජනීජනයාට  සිදුවුයේ ,මුසිරු දිවයිනේ පිටුවහලේ ජිවත් වීමට සිදුවූ නයකකාරාදීන්ට සිදුවූ සේ මව් බිමත් අහිමි කරගෙන සරණාගත කඳවුරක​ ගෙවන යහපාලනය හැර අන් කිසිවක් නම් විය නොහැක.

ඔසාමා

No comments:

Post a Comment