advertistment

advertistment

Friday, January 2, 2015

ලසන්ත වික්‍රමතුංග සිය දිවි නසා ගැනීම සහ​ හෘදයාංගම මාධ්‍යවේදියෙකුගේ නික්මයාම.



ලසන්ත​,
කඩුවට වඩා
පෑන බලවත් බව ඒකාන්ත වශයෙන් දැනසිටි ඔබ​
මාධ්‍ය සාගරය තුළ වූ...
දේශපාලන සුනාමියට කොටු විය​.
ඔබ​,
ඒත් බිය නොවීය​...
එදා,
යුද්ධයෙන් වියරු වැටී සිටි
ශ්‍රී ලාංකික සමාජයේ
මිනිසා තේරුම් ගන්නට 
ඔබට උනන්දුවක් තිබුණේම නැත​.
වියරු මිනිසා තමා ඉන්නා පරිසරයේ
සුන්දරත්වය නොදකී...
එවන් පරිසරයක​?
ඔබ තවදුරටත් පෑන මෙහෙයවීය​.
කල් ගතවෙද්දී...
ඔබට රූප පෙට්ටියද විවෘත විය​.
මිනිසා ගුප්ත වූ ලෝකයක​,
අරක්කු බෝතලයට මිනී මරණ ලෝකයක​,
ඔබේ පෑනත් ඔබේ විචාරයත් ඔබේ ප්‍රශ්න කිරීමත්
ඔබට නොදැනීම​...
ඔබව සියදිවි නසා ගන්නා තත්වයට පත් කළේය​.
ඔබ නොදැන සිටියා වූ,
ඔබේ බලය ඝාතනය විය​,
ඒ නම් සත්‍යයට එල්ල වූ මරු පහරකි.
එපමණක් නොව​;
ඔබ සමස්ථ ලෝකයට දෙයක් ඉතිරි කළේය​.
එනම්...
නානාප්‍රකාර මිනිසුන්ගෙන් පිරි ලෝකයක​
මාධ්‍යවේදියා
තමාගේ ජීවිතාරක්‍ෂාව ගැන​
වඩාත් විචාරශීලීව සිටිය යුතු බවයි!
ලසන්ත​,
ඔබ අපෙන් වෙන් වී වසර 06ක් ගෙවෙද්දී
මේ මතක සංදේශය​
හෘදයාංගම සහෝදරත්වය වෙනුවෙනි.

1 comment:

  1. ලසන්ත වික්‍රමතුංග සිය දිවි නසා ගැනීම සහ​
    හෘදයාංගම මාධ්‍යවේදියෙකුගේ නික්මයාම.
    මේ පොලෝ තලයට
    මේ වාත කුහරයට
    දෙකන් දෑස් හා
    කට තිබුණා නම්?

    ReplyDelete