advertistment

advertistment

Saturday, January 10, 2015

දකුණේ මහින්දට මොකද වුණේ..?





                                   










2015 ජනවාරි 08 වෙනිදා උදේ හතට
ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වෙද්දී
උදේ පාන්දරින්ම පාරදිගේ පයින්ම හන්දියට ගියේ
ව්‍යායමයකටත් එක්ක වෙනදා නොකියවන පත්තරයකුත්
ගන්නට හිතා ගෙනය.
පත්තරේ ගන්න ගමන් එතන සිටි දෙතුන් දෙනාටම ඇහෙන්නට
මා කීවේ.....මේ පාරත් මහින්ද දිනයි වගේ කියලාය.
ඒ මගේ සමීක්ෂණ උපායය...
එහිදී එතැන සිටි කවුදෝ කෙනෙකු කීවේ
මේ පාර වෙනසක් බලන්න ඕනෙ කියාය,
එවිට මා ඇසුවේ ඒ කියන්නෙ? යනුවෙන් පමණකි
එහි සිටි තවත් අයෙකු කට ඇරියේය
ඔව් හැමදාම එක්කෙනෙකුට දාල දීල බෑ
අපිට මහින්දගෙන් වෙච්ච දෙයක් නෑ
තව මොනවදෝ කියාගෙන ඔහු යන්නටම ගියේය,
මා පත්තර කඩයට ආපු එවුන් තුන් හතර දෙනා
ඉවත් වනතෙක් එතන එල්ලා තිබූ පත්තර හෙඩ් ලැයිමක් කියෙවේය,
ඔන්න දැන් වැඩේ හරිය,
මට දෙන්නකො ඔය මං නොකියවන පත්තරයකුයි
කියන ගමන් ඇත්තටම මේ දවස්වල ඡන්දෙට මොකක් වේවිදැයි පත්තර වෙළෙන්දා විමසූවෙමි.
ඔහු කීවේ මෙසේය,
මහත්තයො මේපාර හුඟක් මිනිසු සිරිසේනට චන්දෙ දෙනවා, එවිට මා ඇසුවේ ඔයා කොහොමද දන්නෙ? කියාය.
ඒකටත් ඔහුට උත්තරයක් තිබුණේය.ඔහු කීවේ දේශපාලනය නොකරන මිනිස්සුන්ට මහින්ද එපාවී ඇති බවයි.
ඒකත් එහෙමද? කියාගෙන අසළ තිබූ තේකඩය ඇතුළුවිය.
ඒ යනවිටම මුදලාලියා කට  දෙකක් වෙන්නට ආ...එන්න මාතියා....ගූඩ් මෝනිං කියා මහ හයියෙන් කියාගෙන ගියේය. මමත් ඔහුට දෙපාරක්ම මෝනිං කියා දාන්නකො ප්ලේන්ටියක් කියාගෙන අසළවූ මේසයක හිඳගෙන ප්ලේන්ටිය බීගත්තේය.මම මෛත්‍රී කිව්වාට වැඩි දෙනෙකු මෛත්‍රීට සිරිසේන නමින් අමතන බව මා දැන සිටියෙමි. මහින්දත් මෛත්‍රීත් දෙදෙනාම මාපෞද්ගලිකවම  දනී.....මගේ නම කී පමණින් දෙදෙනාම මා හඳුණයි. එහෙත් ම අමහින්ද හඳුනාගත් වසර 25 ක මෑත අතීතයේ මා කිසිඳු උදව්වක් ඉල්ලාගෙන නැත. එය මට ආඩම්බරයකි. එදාවේල කන්නට නැතුව සිටි වෙන ගමක් එකෙක් ප්‍රාදේශීය සභාවට තරඟ කොට ජයගත් එකෙක් වසර04ක් යද්දී ගමන් යන්නට පැජරෝවක් ගත්තාම  මම පුදුම වුණේ නැත ඒත් මට මගේ රට ගැන කණගාටුවක් ඇතිවිය.උපාධිධාරී රාජ‍ය සේවකයෝද තවත් අයද වෙනදා මෙන් බස් හෝල්ට්වල ඉන්දෙද්දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙනස්වූ හැටි ආශ්චර්‍යයක් විය.එහෙත් එය මහින්ද රාජපක්ෂ පසුකළෙක කියූ ආෂ්චර්‍යය නොවීය.මහින්ද වරදවා වටහා නොගත යුතුය.
මීට වසර දෙකකට පමණ පෙර මම පන්සල් ගිය වෙලාවේ මට අහම්බෙන් මෛත්‍රීපාල හමුවිය , එදා අපි දෙදෙනාට දෙදෙනා හමුවූයේ වසර 06 කට පමණ පසුවය. එය අපි දෙදෙනාටම සතුටක් විය , එදා ඔහු ඒක පාරටම ඇසුවේ දැං මොකද කරන්නෙ කියාය, මමත් මොකක්දෝ කිව්වේය, එදා මෙන් අදත් මෛත්‍රීද හොඳ මිනිහාය, මන්ද යත් සියල්ල අනිත්‍ය බව මෛත්‍රීපාල දන්නා බව මෛත්‍රීගෙන් මට දැනී තිබුණි.
         කථාව වෙන පැත්තකට ගියත් පත්තරය ගත් මම තාම පත්තර කඩෙන් එළියටා ආවා පමණි. ඒ අසල තිබූ ත්‍රීවීල් රථයට ගොඩවෙමින් යං මල්ලි යන්න කියා මා කීවේ ඒකා මා දන්න කොල්ලෙක් නිසාය. ඌට කොල්ලෙක්  කිව්වාට ඌ බැඳල ළමයෙක් ඉන්නා තාත්තා කෙනෙකි.එන ගමන් මම යළි මගේ සමීක්ෂනය ට බැස්සේ, අද මොකද මල්ලි වෙන්නේ  කියාගෙනයි.  අයියේ මේ පාර අපි වෙනසක් කරනවා,මා දන්නා පරිදි මේකා ත්‍රීවීල් එකක් හයර් කළාට කැම්පස් යන්න ලකුණු මදිවූ කොල්ලෙකි.මුගේ රස්සාවට ටයි නැතුවාට මූටත් මොළේ තිබේ.දැන් මටනම් මේක වෙනසක් නොවේ, මොකද මහින්දත් මෛත්‍රීත් දෙන්නාම මට එකයි.    
ඒත් සිරිසේනට චන්දෙ දෙන්නට මේ මල්ලියා සූදානම්ව සිටියේය
ඒ වෙනසක් වෙනුවෙනි,
මම ගමන නිමාවේ මගේ ගේ ගාවින් බහිද්දී
මට සිතුණේ මේ කොල්ලාට සම්බන්ධ පවුල් 150 ක් පමණ
උගේ භාෂාවෙන් සිරිසේනට චන්දෙ දෙනු ඇති බවයි.
කෙසේ හෝ ඡන්දය දින පස්වරු හතර වනවිට
ලංකාවේ විවිද ප්‍රදේශ වලට
පෝලිං බූත්වල සිටි වුන්ට අමතා මගේ ටෙලිෆෝන් කාඩ් එකේ රුපියල් 400ක් පමණ කැපීගොස් තිබුණි.
එවිට ඔවුන් ප්‍රත්‍යක්ෂ කර සිටියේ
චන්ද නාම ලේඛනවල 4න්3ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි.
ඒ වනවිට මෛත්‍රීට ඡන්දෙ දෙන්න වැල නොකැඩී පෙළ ගැසී සිටි බවද සත්‍ය ආරංචි ලැබී තිබුණි.
දැන් කියන්නට ඇත්තේ මිනිසුන් වෙනසක් අපේක්ෂා කළ බවයි.
ඒ නමුත් එය මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරීමක්ද නොවේ.
සජිත් ප්‍රේමදාස මේ මෙවර ජනාධිපති වරණයට ඉදිරිපත් වූවා නම් අද ඔහු ජනාධිපති වී තිබෙන්නට තිබුණි.මා එසේ කියන්නේ ඔහුට මේ ජනතා චින්තන වෙනස මතුදා වැදගත් වන නිසාය.
තවද රනිල් වික්‍රමසිංහ සහ සජිත් යන මා හිතවතුන් දෙදෙනාට මේ චන්ද විමසීමෙන් ඉගෙන ගත යුතු දේ බොහෝය,
මෙහිදී මා ලියා තැබුවේ එක කතාවක් පමණි.ඒත් සමීක්ෂණයේ තත්ව තතුදත්ත සියල්ල මාසතුය. මහින්දට ඡන්දය දී යුද්ධය පරාජය කළා නම් මෛත්‍රීට ඡන්දය දී ජනතාව ඉල්ලුවේ මොනවාදැයි මා මිත්‍ර මෛත්‍රී දන්නා නිසා ඒ ගැන නොලියමි. ඒත් සිංහල දෙමළ මුස්ලිම් බහුතරය ඡන්දය දැමීමට පෙරමුණ ගැනීමෙන් රටේ කැමැත්ත  මට, අපට  දැනගැනීමට ඉඩදීම  ගැන මම සමස්ථ ජනතාවට ප්‍රණාමය පුදමි.තවද නිදහසෙ ඡන්දය දැමීමට ඉඩ සලසා දුන් මහින්ද දේශප්‍රියටත් ත්‍රිවිද හමුදාව සහ පොලීසියටත් මම හදවතින් ආචාර කරමි,මාගේ රටවැසියනි මෙවර වගේම මතුවටත් මැතිවරණවලදී හැමෝම චන්දය දෙන්න අමතක කරන්න එපා. මේ අපේ රටයි....මාතෘභූමියයි......
ජාති කුල ආගම් බේද නැති සාමය රජයන ශ්‍රී ලංකාවයි
{{{{{{{{{{{{{{{{{{Tongaa;Sri Lankan}}}}}}}}}}}}}}




No comments:

Post a Comment