advertistment

advertistment

Thursday, January 8, 2015

සිරස දෙක වෙයි, ඔළුව ගැලවෙයි...ස්වර්ණවාහිණිය එකවෙයි...













ඡන්දය දා රාත්‍රිය රටට අලුත් නැත
ඡන්දය දා රෑට නිදිවරා හෝ ප්‍රතිඵල බලන 
අපේ එවුන් එදාට රෑට කෑ බවක් වත් මතක නැත
එක්කෝ බීලාය එක්කෝ නාලාය,
ඊයේ රෑ 08 රෑ  වෙනදාවගේම
රූපවාහිනිය දැම්මේ වෙන දෙයක් බලන්නටය
හොඳය සුබය
ස්වර්ණවාහිනිය වෙනස් වෙලාය
සිරස බයවෙලාය
වෙනස වෙනස්කරන්නට උපන් හපන්කම් තිබූ
නිමල් ලක්ෂපති ආරච්චි
වෙනස වෙනස් කළාය
ඒ උගේ හැටිය
ඒ මදිවාට දෙමළ මහාරාජාගේ
දෙමළ කෑල්ල කපාදමා
නිමල් සිංහල සිරසට තොප්පියක් දැම්මේය
නිමල් ලක්ෂපති විය
අවසානයේ උපත් පාලනය සිංහල ජන ගහනවර්ධනය
පාලනය කරද්දී,
නිමල් සිංහල තරුණ තරුණයින්ට ජංගි පෙන්නුවේය.
ඒ මදිවාට දෙතන දෙබැම මතු නොව
දෙකලවාද පළල් කළේය
අද නිමල් ලක්ෂපති ආරච්චි නැත
ඒත් ඔහු කළ වෙනස තව පවතින්නේය
කෙසේ වෙතත් සිරස යළි ගොඩ ගන්නට 
නිලේන්ද්‍රලා ප්‍රියන්තලා තමාලිලා ලාල් ආනන්දලා අද එහි නැත.
පල නොකියා පලා බෙදද්දීත් කිංස්ලි තාම එතනය.
සත්‍යය එසේ වන්නේ නමුත් 
ස්වර්ණවාහිනිය පළමුවෙන්ම 31 රෑ වෙනස් කළේය
එය වසරින් වසරට ගෙනයන්නේ නම් මැනවි
රූපවාහිනියේ සිටි අති දක්ෂයෙක් 
අද ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයට වී
එතන අලෝකවත් කිරීම දැයට ආඩම්බරයකි.
අපි තමයි එක කියා ෆස්ට් ගසා ගත්තාට මදිය
සත්‍යය ඇත්තේ  එකකි,
මේ ලියන්නේ ගතු කියන්නට නොවේ
වොයිස් ඔෆ් මීඩියා අවබෝධ වන්නටය.
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

http://voiceofmediafoundation.blogspot.com/

No comments:

Post a Comment