advertistment

advertistment

Thursday, December 25, 2014

අද දිනයේත් වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති බැවින් වැසි ලැබීමට ඉහළ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100ක පමණ තද වැසි ද ඇතිවීමට ඉඩ ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

No comments:

Post a Comment