සඳ තනිවෙලා... අහසේ... ඇය තනිවෙලා... නිවසේ...
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...
ඔබ තාම තරුණයි,
ඒත් යම් මොහොතක...
ඔබේම සිත ඔබට හීලෑනොවීමෙන්,
නිකළැල් තීන්දුව
කැළැල් වුනා හෝ,
තැන තැන වැරදුනා වෙන්න පුලුවන්...
ඒත්,
ඔබ තාම තරුණයි,
ඔබ තරුණයි,
ඔබේ ගත ආකර්ශණීයයි,
ඔබේ වදන් කෝමලයි,
දෙතොලින්,දෙකොපුලෙන්,දෑසින් හැගුම් උතුරයි,
ගමනේ ලතාවයි,
හදවත් කිතිකවයි...
ඒ නිසා ඔබ...
ඔබ ගැන සිතා...රට ගැන සිතන්න.
එවිට ජනතාව ඔබට,
එදා වගේම අදත් හෙටත් ආදරේ කරාවි,
සෙනෙහසින් ඔබ අමන්දානන්දයට පත් කරාවි,
ඒ නිසා ඔබ,
එක එකා වෙනුවෙන් කඩේ යන්නවත්,
බොරු බේගල් අැදබාන්න එපා,
ඔබට ඇති හොදම වේදිකාව ඔබේ සිනාවයි.
(SSPP)
31/12/2014
No comments:
Post a Comment