advertistment

advertistment

Thursday, February 12, 2015

ජනතාව නිදි නැත! නොපැහැදිලි තැන නම් සැකය ඇත!




}}}}}}}}}}}}}}}}}}}}}{{{{{{{{{{{{{{{{{{{{{
{{{{{{{{{{{{{{{{{{{{{}}}}}}}}}}}}}}}}}}}}}

මහින්ද රාජපක්ෂ
යුද්දෙ දිනුව තමයි................
ඒත්
ඊට පස්සෙ ජනතාව මහින්ද එක්ක හිටියට,
මහින්ද ජනතාව එක්ක හිටියෙ නෑ...........
ටිකෙන් ටික මහින්ද ජනතාවගෙන් ඈත්වුණා............
මහින්ද වෙනුවට මහින්ද වෙනුවෙන් පෙනීසිටි
නියෝජිතයො වුණේ වටේ හිටි කිහිප දෙනෙක්.
මේ තත්වය හොඳින් පැහැදිලිව පේන්න තිබුණා.............
මහින්දට රජෙක් කිව්වෙ ජනතාවයි!
ඒත් මහින්දට ඒ ජනතාව අතර සැරිසරන්න බැරිවුණා
මහින්ද වටේ හිටපු,
මහින්දගේ නාමයෙන් තම පවුල් සංවර්ධනය කරගත්තු,
බොහෝම සුළු පිරිසක්,
මහින්ද ජනතාව වෙත ළඟා වීම වළකා තබා..........
ඒ අය පියන් වැඩ කළා.
අන්තිමේදී මහින්දට නොදැනුවත්ව ම,
මහින්ද විරෝධීන් නිර්මාණය වෙද්දි....?
වටේ හිටිය හිඟන්නෝ පොරවල් වෙලා
දේශපාලන රට සවාරි ගියා
උන් උන්ටම බෙදාගත්තා.....................
////////////\\\\\\\\\\\////////////\\\\\\\\\\\
\\\\\\\\\\\\///////////\\\\\\\\\\\\///////////
කොහොම හරි යහ පාලනය කියල
මෛත්‍රීගෙ කරේ නැගලා ඇවිල්ලා
රනිල් වික්‍රමසිංහ පාලනයක් හදාගෙන; 
දැන් මොකක්ද වෙන්නෙ?
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර
දුන්නෙ කාටද?
එතන තියෙන යහ පාලනය පැහැදිලිද?
ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා..............
තරුණ සේවා සභාවේ සභාපති වුණේ කවුද?
එතන යහ පාලනය පැහැදිලිද?
ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා..............
යහපාලනය කියන්නේ තමංගෙ එකාටයි
තමංගෙ හිතවතුන්ටයි බෙදාගැනීම නම්,
පොදු අපේක්ෂකයෙකුට ඡන්දෙ දුන්න
පක්ෂ, පාට, සංගම්, සංවිධාන නැති එවුන්ට
ප්‍රශ්න මතුවෙලා තියනවා........(බොරු නම් සොයා බලන්න.)
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අද රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා ඉන්නෙ 
යහපාලනය කියන දැවැන්ත වෘක්ෂය යටයි
මේ වෘක්ෂය හැදුනෙ කිසියම් භූමියකද?
එම් භූමිය පාෂාණ ගොඩක් නම්
ඊට සම්බන්ධ පාෂාණ වූ නිදහස් අදහස් ඇති
අලුත් ඡන්ද හා නිහඬ ඡන්ද .....x......
ඉදිරි මැතිවරණයේදී ගන්නා තීරණය 
සෘජුවම එක්සත් ජාතික පක්ෂයට බලපානවා
එහෙම වුණොත් සජිත් ප්‍රේමදාස වගේ
එජාප දෙවැනි පෙළට හෙටක් නැතිවෙනවා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
වර්තමාන දේශපාලනයේදී ලෝකය දකින ජනතාවක් සමඟ
කටයුතු කරන බව අමතක කරන්න බෑ...............
පක්ෂ ශාඛා සමිති වල ඉන්න
සාමජික ප්‍රමාණය එකතු කර බලන්න
ඊට වඩා අති විශාල සංඛ්‍යාවක් යහපාලනයට
ඡන්දෙ දීලා තියෙනවා නේද?
එහෙම නම් යහපාලනය තුළ තනතුරු දීමේදී
විනිවිද භාවයක් නොවන්නේද, එයින් ඉදිරි මැතිවරණය
යළි තීරණාත්මක ඡන්ද විමසීමක් වෙනවා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
මහින්ද හොඳයි ඒ මහින්දයි
මෛත්‍රී හොඳයි ඒ මෛත්‍රීයි
ඒත් දැන් සජිත් හොඳයි කියන්න නම් සජිත් කළයුත්තේ
වෙනදේ ජනතාවට පැහැදිලි බවට වගවීමයි.
රනිල් වික්‍රමසිංහටද එකසේ මේ තත්වය බලපානවා
මම මේ රචනාව කළාම,
සමහරුන්ට මොළේ කචල් වෙන්න පුළුවන්.
ඊට හේතුව පොඩි පොඩි මංත්‍රීවරු (ප්‍රාදේශීය සභා/පළාත් සභා) 
තැන තැන කියන කතා වල පදනමක් නැති වන නිසා.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
සමහර පළාත් සභා මංත්‍රීවරු රූපවාහිනී තිරයට ඇවිත්
දැන් මහින්ද ගෙදර, මේක අපේ පාලනේ කියලා රඟ පානවා................
වෙනස සැබෑවටම ඡන්දයෙන් කළ ගමේ එවුන් හිනාවෙනවා............
අපි ඡන්දෙ දුන්නෙ වෙනසකට ඒත් මෙයාල ඒකෙ වාසිය
තම පසුම්බියට දාගන්නවා කියලා දන්නවා.
ඒ අතරෙ විදේශ රටවල් කීපයක් 
ශ්‍රී ලංකාවේ ඡන්ද බෙදීයාම තම උත්සාහයේ ප්‍රතිඵල ලෙස
අර්ථ දක්වනවා,
මේවා මෝඩ කතා බව දන්නෙ තැන තැන හත් අට දෙනා රැස්වී
ඡන්දෙට කළින් දින කීපයේ තීරණ ගත්ත කොටස් පමණයි.
~~~~~~~~මහජන යහපත පිණිසයි~~~~~~~~~~~~~~~
%%%%%%%%%%%%%%%%%%%%%%%%%
+++Research out put compiled by++++ Tongaa+++
%%%%%%%%%%%%%%%%%%%%%%%%%

1 comment:

  1. කවුද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්?

    ReplyDelete