Tuesday, January 6, 2015

දේශයේ තරුණ හඩ විමසීමෙන් සනිටුහන් කරන වගයි...
















මගෙ බුදු අම්මේ මොනවද වෙන්නේ
හරි හරි දේවල් මේ දෙරණේ
කාට කියන්නද කවුරුද දන්නේ
නින්ද යන්නෙ නැති එක කරුමේ

හැමදාමත් මැතිවරණ තියන කොට 
කිසි කෙනෙකුට අපි මතක නැතේ
සීනුව එල්ලන් සද්දෙ කළත් අපි
ඡන්ද අපට ඇයි නැත්තෙ අනේ?

පෝස්ටර්  ගහලා ලීෆ්ලට් බෙදලා
අපේ කොල්ලො දැන් හති වැටිලා
ඒත් අනේ ඇයි ඡන්දෙ නොදෙන්නේ
ජේ වී පී අද තනි වීලා

සිරිසේනගෙ පෝස්ටර් ටික ගහලා
කෝටි තිහක් ගත්තයි කියලා
ඇයි අනෙ අම්මේ අපිට බනින්නේ
බඩට කන්න අපි එහෙම කළා

තොප්පි දැමූවත් රතු ඇන්දත් අපි
විජේවීර නම ගරු කරලා 
සමහර දේවල් අපිටම දන්නෑ
ඡන්ද අපිට නෑ අනේ හුටා...

මේ පාරත් ඔය මහින්ද දින්නම
අපි කපෝති වී යන හින්දා
අනේ අම්මලා බනින්නෙපා අපි
අපේ වැරැද්දෙන් වෙළා මුළා...

තිස් කෝටිය අර ගත්ත ගමන් අපි
එළකිරි වාගේ වැඩේ කළා
මෛත්‍රී දිනුවත් දිනුවෙ නැතත් අපි
අපේ වැඩේ අපි තිතට කළා...

සිරිපොද වැස්සට සීතල සුළඟ
හිත සැනසෙන සිරි ලංකාවේ
අපිට ඡන්ද නැති එකට අඬන්නද?
මේක අපේ කරුමයද අනේ...

මහින්ද දිනුවත් අපිට වැඩක් නෑ
සීනුව ඝන්ඨාරයක් වගේ
ලාල් කාන්තවත් අරගෙන කැන්දා
අලුත් හෙටක් හදනවද අනේ???



((((((((((((සදා හුලං (විස්කෝතු) එකමුතුව))))))))))















No comments:

Post a Comment