Sunday, January 4, 2015

හිටං හිටං ලෙල්ල හුටං ...















මං ඉස්සර  මහින්දයත්  එක්ක හිටියෙ බං
යන  යන  තැන  ඌව  මාව  අරන්  ගියනෙ  බං
ඔය අතරෙනෙ මගෙ පස්සෙම ඇමරිකාව බං
මටත්  මොකද මාත්  ඔහේ බලං හිටිය  බං

ටක්ක ටකට, ටකට  ටකට  ටකට  ටකට බං
පුල්ලි පිටින්  කොටි  ආවනෙ මගෙ පස්සෙන්   බං
ගන්න ගන්න  ගන්න  කියල ඩොලර්  දුන්න  බං
ඉතින්  අනේ  මටත්  මොකද  අරගත්තා   මං

මහින්දයගෙ  ඇම්බැට්ටය  වගේ හිටියෙ  මං
ඌට  ඕන  හුලං  බෝල  උඩ   ඇරියේ මං
වැඩ කරපන් අපිට ඉතින්  ඩොලර්  ගත්ත නං
පුල්ලි කොටින් එහෙම  කියල මටම  ඇරිය බං

බුදු අම්මෝ ඔන්න රජෝ ඉල්ලන්නලු  බං
මහින්දයට විරුද්ධවම ඉල්ලන්නලු  බං
ඔන්න මචෝ ඕක තමයි එදා උනේ බං
මාත් ඉතින් නම දුන්නා මටත් මොකෝ බං


රාජිතලා  දුමින්දලා ගැහුවෙ ගැහුවෙ රබං
චන්ද්‍රිකාල  පස්සෙන්  හිද ගැහුවනෙ මට දුං
චම්පිකලා  පොත පෙරලා  දුන්නනෙ  මට  පිං
රනිල්   ඇවිත්  පැළදුවානෙ අං තට්ටුව ගොං

you are my beauty fool කොල්ලෝ  මගෙ  young
ඩොලර් දීල උන් කිව්වා  කරනව මම win 
ඒක  අහල චූන්  එකේ මම  කරනව  sing
ඒ අස්සේ   ජෙප්පො ඇවිත් ගැහුව නේද  රබං


ඩකට ඩකට  ඩක්ක ඩකට ඩකට  ඩකට  ඩං
ඩිංකි ටිකිටි ඩිංකි ටිකිටි ඩිංකි ඩිකිටි ඩිං
ලපට පපපං  ලපට පපං පං පං පං පං
ලෙල්ල හුටං ලෙල්ල  හුටං ටං ටං ටං ටං


(ජනවාරි 09 වනදා  උදෑසන 9ට පසු )

බුදුඅම්මෝ  බඩ යනවා  යකෝ  මෙන්න  හිටං
ලග එවුනුත් මහින්දයට කතිරෙ ගහල බං
අගමැති  කම ඉල්ලුවොතින්  දෙයිද අනේ දැං
කන්න යනව  අන්දපු උන්  දෙකට  ඉරා මං


)))))))විරිදු  කරුවන්ගේ සේවය පිණිසයි)))))))

........රොන්ජා......















No comments:

Post a Comment