advertistment

advertistment

Saturday, January 31, 2015

යළිත් මහින්ද සිහිවිය...



ජීවිතයේ තරුණ සමය ගෙවීයද්දී
දෛවෝපගත ලෙස
මට 
රණසිංහ ප්‍රේමදාස නම් අරුම පුදුම මිනිසා හමුවිය,
එය අහම්බයකි...ඒත් ඒ හමුවීම ඓතිහාසිකය
රණසිංහ ප්‍රේමදාසයන්.............. බැහැ,අපහසුයි කියන්නට
කැමැත්තක් නොදැක්වූ අව්‍යාජ බුද්ධිමතෙකි.
අද මට ඔහු සිහිවූයේ මන්දැයි කියත් නම්,
ඔහු යුද්ධයේ ගොදුරක් ලෙසින් මරාදැමුණු බව
සිහිපත් වීමෙනි.
මේ වනවිට යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ 
මහා යුධ ගැටුමකි
ඩොනෙට්ස්ක් පළාතේ සංස්කෘතික මධ්‍යස්ථාන අසලින්
අද හමුවන්නේ සිවිල් ජනයාගේ මළ සිරුරුය.
ඒ ඔවුන් නොදැණුවත්වම කාලතුවක්කු ප්‍රහාරවලට ලක්වීමෙනි.
තවත් තැනෙක මහමඟ යද්දී
නොදන්නා උණ්ඩයකින් ක්ෂ්ණයකින්
තමා සමග යමින් සිටි සැමියා මියගිය
කාන්තාවකගේ ශෝකාලාපයයි....
මේ ගෙතූ කතා නොවේ
අද අළුයම(31st January 2015) මාධ්‍යවේදීන් ඇසින් දුටු සත්‍ය වූ දේම පමණයි.
මීට වසර කීපයකට පෙර
මාගේ මාතෘ භූමියේ(ශ්‍රී ලංකාවේ) පැවතුණා මෙන්
දැන් යුක්‍රේනයේ ද ඇත්තේ බෙදුම්වාදී කැරැල්ලකි.
ඔවුන් ගෙන් අවි ගත්තෝ අද බටහිරට(Rebels) රිබෙල්ස් ලාය...
දැන් ඇසෙන්නේ මෙසේය;මෙවන් කතාය
'Any talks would be the first since a five-month-old ceasefire collapsed with a new rebel advance last week'.
'they are to announce that no talks would take place on Friday'.  
බලන්න! හිතන්න!මතක් කරන්න............
Vuhlehirsk නගර ප්‍රදේශයේ සටන්කාමී කණ්ඩායම් අද
ජනතාවට ලබෙන ජලනළ විසන්ධි කොට විදුලි සැපයුම්ද අක්‍රියකර දමා තිබෙනවා.
යළිත් හිතන්න.... මතක් කරන්න,,
නොමග ගියවුන් මැඩ ලා
ශ්‍රී ලංකාවේ යුද්ධය නිමාකළ
අති උදාර මිනිසා
මහින්ද රාජපක්ෂ යළි මතක් වෙනවා නේද?
ඒ සාමයේ නාමයෙනි..
අපි ගුණමකු නොවෙමු
දැයේ දරුවන්ට ඉතිහාසය උගන්වමු! 
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
.........I'm Tongaa.(a Proud Sri Lankan)............
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Thursday, January 29, 2015

ශ්‍රී ලංකාව අදිසි පාලන හස්තයකට නතු වෙයිද?


ශ්‍රී ලංකාවේ දේශපාලනය
මින් පෙර කිසිදාක
අත් නොවිඳි... නුපුරුදු.......
මාවතකට අවතීර්ණ වෙමින් තිබේ,,,,,
මේ මම කියන කතාව අවබෝධ වන්නට
ඔබට තව වසර ගණනක් ගතවනු ඇත
සමහරවිට ඔබට මා කියන දෙය කවමදාකවත්
අවබෝධ නොවනු ඇත,
හේතුවක්ද ඇත
හේතුව නම් අද මෙරට දේශපාලනය
ලබ්බේ තොවිලයක් වී තිබීමය
ලබ්බෙ තොවිලයේ ලබ්බ ඇතුළේ නටන තොවිලය
කිසිවෙකුට නොපෙනේ,,,, තවද දියේ පාවෙන ලබ්බ
ගසාගෙන යන්නේ කොහේදැයි කියාද ඔවුන් නොදනී.
දැන් මොහොතකට ඔබේ අවධානය වෙනස් කරන්න
ඔබට මතකද බුරුණ්ඩි දේශය
බුරුණ්ඩි කියන රට
එම රටේ 60-70 දශකය වනවිට
එරට ජනගහනයෙන් 86%ක් හුටු ජාතීන්
13%ක් ටුට්සි, 01% ක් ත්වා ජාතිකයින් ලෙස පැවතුණා,
ඒත් ඔබට මතකද එරට සුළු ජාතික ටුට්සින් විසින් රට පාලනය කෙරෙන බව සහ තවමත් එකිනෙකා මරාගන්නා බව.
[[[[[[[[[[[[[[[[[[[[[[The demographics of Burundi through the 1960s and 1970s were roughly 86 percent Hutu, 13 percent Tutsi, and 1 percent Twa (Mann, M., 2005. The Dark Side of Democracy, p. 431). For most of this period, the Tutsi maintained a near monopoly on senior government and military positions. Burundi gained its independence in 1962, and in May 1965 the first post-independence elections were held. The Hutu candidates scored a landslide victory, capturing 23 seats out of a total 33. But, instead of appointing a Hutu prime minister, the king Mwambutsa IV appointed one of his Tutsi friends. On October 18, 1965, Hutus, angry with the king's decision, attempted a coup. The king fled the country, but the coup ultimately failed.[mean while among the bloody clashes yet being happened; Burundi is due to hold parliamentary and local elections on May 26 this year 2015, followed by an election to pick the president on June 26 and another to elect the senate on July 17.]]]]]]]]]]]]]]]]]]]]]]]]] 
ශ්‍රී ලංකාවේ ඇතැම් ධනවත් ව්‍යාපාරිකයින් හා දේශපාලඥයින් මෙන්ම මුදලට වහල්වූ පොතේ උගතුන්,
ධනවත් රටවල ඒජන්තයින් හෙවත් නියෝජිතයින් වී සිටිනවා.....
ඔවුන් සුරදෙව් නියෝජිතයින් සේ ඔබ ඉදිරියේ පෙනීසිටීවි, ඔබ රැවටේවි....රට වැනසේවි....
ලංකාවෙ පැවති යුද්ධය ඔබට මතක ඇති?
ඒත් මතු පරපුරට ඒක ඉතිහාස කථාවක් වත් වෙන එකක් නෑ........
ඒ නිසා;
ජාත්‍යන්තර මතවාදයන් තුළ
ශ්‍රී ලංකාව අරාජික වන පසුබිමක් ස්ථාඵනය නොවන්නට
ඔබ වගබලා ගන්න
ඒත් ඔබ දැනටමත් වරදක් කර තිබේ නම්
ඒ වරද යළි වෙනස් කර නිවැරදි කරන්නට
ඔබට කිසිදාක ඉඩ නොලැබෙනු ඇත.
\\\\\\\\\\\\\\[[[[[[[]]]]]]////////////////+++++++++++++++++++
%%%%%%%..I'm Tongaa. (a Proud Sri Lankan.)%%%
//////////////[[[[[[[]]]]]]\\\\\\\\\\\\\\\\+++++++++++++++++++

Tuesday, January 27, 2015

රනිල් නම්...



||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
දැන් ඉන්න තරැණ තරැණියන්ට රීලෝඞ් එකක් දාගන්නවත්
කසාද බදින්නවත් අතේ සල්ලි නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ
ගැටබරු විහාරස්ථානයේ ආගමික වතාවන්වලට සහභාගී වී පසු
මොරවකදී පැවැති ජන හමුවක් අමතමින් කීය.
********************************************
*
‘13 වැනි සංශෝධනය තුළින් ජනවාර්ගික ප‍්‍රශ්නය විසදන්න අපි ඔක්කොම පක්ෂ එකග වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබදව සාකච්ඡ කරගෙන යනවා. ඉන්දියාවත් කියනවා 13න් එහාට යන්න එපා කියලා. ඒක පිළිගන්න දෙමළ කණ්ඩායමත් ලෑස්තියි. උතුරේ පළාත් සභාවට අනිත් පළාත් සභාවලට වගේ එකම බලතල තියෙන්න ඕන. එකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. නොබිදුණු ශ‍්‍රී ලංකාවක් තුළ අපි වැඩ කරන්න ඕන.
********************************************
හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාණෙනි,
බුද්ධිමත් යැයි මාද පිළිගන්නා ඔබ;………………
ශ්‍රී ලංකාවේ
ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි යන්න මෙහිදී ප්‍රකාශකොට තිබෙනවා.


ලැජ්ජයි දුකයි…ජනතාව ගොනාට අන්දන්න එපා…………
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ……………….
,
,;;
ශ්‍රී ලංකාවේ උතුරේ දේශපාලනඥයින් සහ
දකුණේ අති දක්ෂිණාංශික දේශපාලන අඥයින්
තම දේශපාලන පැවැත්ම උදෙසා
අලෙවිකරන මාතෘකා අතරින් එකක තමයි ජනවාර්ගික ප්‍රශ්නය.
;;;;
යහපාලනය,
ප්‍රජාතන්ත්‍ර වාදය,
මාධ්‍ය නිදහස, ආදී…………… නූතන යටත් විජිතකරණ ක්‍රියාදාමයන්
පවත්වාගෙන යාම සහ
දේශමාමක ජනතාවගෙන් බලයට පත්වූ ජාතිකවාදී ආණ්ඩුවලට එරෙහිව,
එම ජනතාවම කුළුගන්වන්නා වූ ක්‍රියාදමයක නියැලෙන බටහිර ජාතීන්,
නූතන අවි ලෙස ඉහත මාතෘකා සහ ප්‍රපංචයන් භාවිතා කරන අතර;
;
ඒවා ලෝක ව්‍යාප්ත කිරීම සඳහා
දේශීය සම්බවයක් ඇති මෙවැනි පාලකයන් ඉත්තන් ලෙස භාවිතා කරයි.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
එම ඉත්තන් අත රැඳි නූල් මගින් පාලනය වන්නාවූ රූකඩ පාලකයින්
එම රටවලට පත්කොට අක්ෂි හා චින්තන මායාවන කැරට් ලබාදීමෙන් සහ
දේශීය චින්තනය විනාශ කිරීමෙන් සාමාන්‍ය ජනතාවගේ ජාති මාමක හැඟීම් බිඳවා
බටහිර සංස්කෘතියේ ඕජස ජන මනස් වලට කාන්දු කරවීම තුළින්
ධනවත් බටහිරවුන්ගේ නූතන කොළනි කරණය……………,
අඩු දේශීය විරෝධ තාවයන්ගෙන් යුතුව පවත්වාගෙන යාම මෙකී ක්‍රියාදාමයේ ප්‍රධාන අරමුණයි.
;;;;;
අවසානයේ බටහිර ධජ මගින් මුළු ලෝක තලය වැසී යන තුරු
බටහිර ක්‍රියාදාමයද නොනවතී.
;;
එයට එරෙහිව දැනට ක්‍රියාත්මක වන මුස්ලිම් ලෝක ව්‍යාප්ති කරණයේ
විවිධ වූ හැඩතල වෙනුවෙන් ඇමරිකානු මෙහෙයුම් මුහුණුවරද වෙනස්වේ.
;;
උදාහරණ ලෙස වහාබ් වාදයට එරෙහිව වෘක න්‍යායත්,
තෙල් සම්පත බහුල මැද පෙරදිගට එරෙහිව හිවල් න්‍යායත්
නැගීසිටින ආර්ථික බලවතාවන චීනයට එරෙහිව අත සිඹීමේ න්‍යායත්
යළි පිබිදෙන රුසියාවට එරෙහිව හුදකලා කරන න්‍යායත්
ඔවුන් දැනට භාවිතා කරයි.
;;;;;;;;;;;;;;;;;;;;;
එක් ස්ථානයක ත්‍රස්තවාදී කණ්ඩායමකට ඉහළින් සක්‍රීය බෝම්බ හෙලන ඔවුන්
අනෙක් ස්ථානයේ ක්‍රියාත්මක එම ත්‍රස්තවාදයටමටම ස්වයංක්‍රීය ගිනි අවි ගුවනින් හෙලයි.
;
ත්‍රස්ථවාදය සඳහා එක් අර්ථ කථනයක් පමණක් පැවතියද;
බටහිරට අනුව වාසි සහගත ත්‍රස්ථවාදය හා අවාසිසහගත ත්‍රස්ථවාදය ලෙස ත්‍රස්තවාදය වර්ග දෙකකි.
;
ප්‍රංශයට ප්‍රහාර එල්ල කරන වහාබ් වාදීන්ට අවි ඔසවා පිළිතුරු දෙන ඔවුන්
සිරියාවට එරෙහි වහාබ් වාදීන්ට අවි ලබාදී පිළිතුරු දෙයි.
තමාට නොනැමෙන ආණ්ඩු වලට එරෙහි ත්‍රස්ථවාදය
අධාර ලැබිය යුතු හොඳ ත්‍රස්ථවාදය ලෙසත්
තම මතයට එරෙහි ත්‍රස්ථවාදය
පහර ලැබිය යුතු ත්‍රස්ථවාදය ලෙසත් ඔවුන් හඳුන්වයි.
;;;
රුද්‍ර කුමාරන්ලා වැරදීමකින් හෝ බටහිර රටක බෝම්බ පුපුරවන තාක් කල්
LTTE ය යනු ත්‍රස්ථවාදීන් නොව තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින විප්ලවවාදීන් පිරිසක්ම වෙයි.
;;
එබැවින් ශ්‍රී ලංකාවේ මහ බැංකුවට පහරදුන් ළ්ට්ට්E ය හොඳ ත්‍රස්තවාදීන් වීමත්,
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදුන්,
අල්-කයි- ඩා ව නරක ත්‍රස්ථවාදීන් වන්නේත්
ඉහත දෙබිඩි සිද්ධාන්තයන්ට අනුවය.
;;
බටහිරට අනුව හොඳ ත්‍රස්ථවාදීන් එම රටේදී පරාජය වූවද
ඔවුන්ට විමුක්තිය අත්කර දීමට ක්‍රියා කරන්නේ ඒ අනුවය.
එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේම
සක්‍රීය ලෙස ත්‍රස්ථවාදයක් පරාජය කළ රටවන ශ්‍රී ලංකාවේ
LTTE යේ අරමුණු ජය ගැනීම සඳහා
බටහිර ඉත්තන් කෙතරම් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන්නේදැයි තෙරුම් ගැනීමට
රනිල් ඔබට ඇති නොහැකියාව හමුවේ……………………
ඔබද ඉත්තෙකු වී ඇතිබව යළි අවධාරණය කරමු.
;;
රනිල් වික්‍රමසිංහගේ ඉහත ක්‍රියාකාරකම් හමුවේ සියළු දෙනාටම
එම කාරණා පැහැදිළිව පෙනෙන නමුත්
පෙනෙන සත්‍ය තෙරුම් ගැනීමට රටේ අතිශය බහුතරයට නොහැකිවී ඇත,
කොටින්ම තමා ඉත්තෙකු වී ඇති බ රනිල් වික්‍රමසිංහද නොදනී.
;;
බටහිරින් ජනිත ලෝක පාලන ව්‍යප්තිවාදය ඒ තරමට සාර්ථකය.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
අලූත් ශ‍්‍රී ලංකාවක් බිහිකරන්න ඕන. අපේ තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕන.
අපේ තරුණ කාලේ හොදට ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා.
දැන් තරුණ තරුණියන්ට රීලෝඞ් එකක් දාගන්නත් සල්ලි නෑ.
ගෙයක් හදාගන්න බෑ. විවාහ වෙන්න සල්ලි නෑ.
ඒවා නැති කරලා හිතට සහනයක් දෙන්න ඕන’කියන අතරේම 13 වැනි සංශෝධනය තුළින් ජනවාර්ගික ප‍්‍රශ්නය විසදන්න කියලා
රටටම කෙළලා දාන්නත් රනිල්ට පුළුවන්.
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
~~~I’m Tongaa (a Proud Sri Lankan)~~~~
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

Sunday, January 25, 2015

නූතන ඇමරිකානු ව්‍යාප්තිවාදයේ වහල් මුහුණුවර.




මහින්ද රාජපක්ෂ පාලනය පැරදවීම සම්බන්ධයෙන් 
මෙතෙක් ප‍්‍රසිද්ධියේ අදහස් පල නොවූ 
ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ කොටසක් 
දෙමළ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් හෙළි කලේය.

there is no coop here with the election of mythreepaala siriseina as the president of Sri Lankaa.
but American administration had an attempt on power change or a so called regime change in Sri Lanka,
in that context american power of money was allowed by its foreign services to mud slingings and they expected a possible power changing attempt on the basis of a might have theory.   

උතුරු ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙසේය.

‘දකුණු සුඩානයේ තිබෙන තෙල් නල පද්ධතිය තවත් අවුරුදු 50කින් කොළඹ හරහා තමන්ගේ රටට ගෙන යමේ අවශ්‍යතාවත් චීනය සතුව තියෙනව. ඒ නිසා තමයි චීනය ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කරන්නේ.
New concepts could be establish in any country if the country's future is to be decided by it's people while much publicity is assured on the topic of political brain wash.

මුහුදු නගරය කියන්නෙ ලොව බලවත්ම රටවල් වලටත්, ප‍්‍රාන්ත රටවල්වලටත් අනතුරුදායක දෙයක්.
But this move(මුහුදු නගරය.) could have become a major break through in economic uplftment of Sri Lanka 
චීනය මෙම ප‍්‍රදේශවලට ඇවිත් තම පාදය ඉතා ගැඹුරට තියල ලංකාවෙ මෙච්චර ඉඩ ප‍්‍රමාණයක් අරන් මේ තරම් කෝටි ගණනක් මුදල් ආයෝජනය කරල එමගින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි.
please check with the policy of the chinese Government in Asia.....

චීනයට ඒ වගේ නගරයක් ස්ථාපිත කරන්න  ඕනෙ. 
ඇමරිකාව හා ඉන්දියාව මේක සුළු කොට සලකන්නේ නැහැ. 
මෙය ඉතා හොඳ දෙයක් කියල යුරෝපීය රටවල් හිතුවෙ නැහැ. 
එයාල දීර්ඝව කල්පනා කලා.
what ever the above assumption, the same is not the imagined but the american theory was studying a system on reducing of votes for Mahinda Rajapaksha, and no opposition was expected a defeat of Mahinda but the behaviour and the loyalty of the rural comunity.   

ආයුධයක් නැතිව, ලේ වැගිරීමක් නොමැතිව ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජයට පත් කිරීමේ න්‍යාය පත‍්‍රයක් මෙම රටවලට තිබුණ. ඒ නිසා ඒ සඳහා අපිව භාවිත කලා.
this saying  is a palpable lie, and only a laugh and the world laughs with(weep and weep alone)

ඔබතුමන්ලාට අපි ජයග‍්‍රහණයක් අරන් දීල තිබෙනව. මෙම පණිවුඩය අපි දුන්නේ ඇමරිකාවට’
in this paragraph, this man is trying to be a law unto oneself.
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
**********Theory on analyzing by Tongaa***************
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

Wednesday, January 21, 2015

ආප්ප දෙකේ ඔටුන්න...



අතීතය සිහිනයාක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ....

වර්ෂ ගාණකට පෙර සංධාන ආණ්ඩුව හදා ගත්
මේ රටේ ඡන්ද පදනමක් හරියට නැති
ත්‍රීවීල් පක්ෂ සියල්ලම
මේ වනවිට අන්ඳුන් කුන්ඳුන් වී
ඔද්දල වී තිබේ,
අනේ දෙය්යනේ ඔවුන්ගේ සියළු බඩවියත රැකගැනීමේ ක්‍රියා අපේක්ෂාවන් හිරු දුටු පිණිසේ වියැකී යමින් තිබේ...
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
මේ කප තියෙන තුරා සහවාසයකට නොයනු ඇතැයි ඔවුන් සිතාසිටින්නට ඇත.
අවසානයෙදී ත්‍රීවීල් පක්ෂ ටික
සුනාමියට ගොදුරුවිය..
සකල සිරින් පිරි සිරි ලංකාවේ
ත්‍රීවීල් පක්ෂ වලට
තව දුරටත් තම බඩ වියත රැකගැනීමට
අනවරතව එන් ජී ඕ පස්සේ යාමට සිදුවේ.
මේ අතර
ඡන්දයට පෙර දේශපාලන හොද්ද රසකිරීමට එක්වූ
වෘත්තීය සමිති නමැති රම්පේ සහ කරපිංචා
නොදැනීම සූප්පුකොට ඉවතට වීසිවී ඇත,
ගමේ ඉපදී ඇළේ වෙලේ දොලේ
කටු ඇනි ඇනී එදා දිවගිය
හුජ්ජ බරට ගහකට සරම උස්සපු
ඒ අතර මග බැද්දට රිංගා රෙන්න වුණත්
ලැජ්ජාවක් නැති ගමේ එකා මෛත්‍රීපාලයා
ජනාධිපති වෙද්දි රනිල් වික්‍රමසිංහගෙ
පැම්පස් එකේ හුජ්ජ යන්නත් ඇති.
ඒ මදිවට ආප්ප තම්බල එදාවෙල හොයගන්න
දරු පවුල් රකින අම්මලා මෛත්‍රීගෙ දෙකක් ආප්ප කෑම
කතාවෙන් පස්සෙ රජවෙච්ච කතාව අහලා පොඩි ජොලියක් ගන්නත් ඇති.
මම මේ සියල්ල ගමේ භාෂාවෙන් ලිව්වෙ
ගමේ භාෂාවෙන් කිව්වාම නඩුදාන්න සමහර මෝඩයො වෙරදරන නිසයි.
ඇයි මතකනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක එකපාරක්
ගෝල්පේස් ගෙනල්ලා හමගහනවා කිව්වාම
සුද්දගෙ භාෂාවෙන් ඒක ලිව්වෙ
පණ පිටින් මිනිස්සුන්ගෙ හම ගලවන්න යනවා කියලා.
ඒකනිසා මෛත්‍රී පාලනේ අස්සෙ මෛත්‍රී හිටං කිව්වාම
හිටං කැල්ල, සුද්දගෙ පරිවර්ථනේදී මොනවා ලියාවිද දන්නෙ නෑ......
ඒත් මේක අපේ රට,
මෛත්‍රී, රනිල්, මහින්ද,චන්ද්‍රිකා,සජිත්,නවීන්,උපේක්ෂා,බුද්ධික,දයාසිරි,හරීන්,අජිත්,ටිල්වින්,විමල්ගෙ වගේම මේක අපේ රට,
ඒක නිසා
මට නම් මතක් වෙන්නෙ
ශ්‍රීණි විභූෂිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවනේ කියලාම විතරයි. 
..........Scripted by Tongaa.......


Sunday, January 18, 2015

බයි vs ටොයි.



ආරම්භයේ සිටම 
ගමේ බයියෙකු වූ මෛත්‍රීට 
අපි වෛර කරමු.
ඒ ඔහු බයියෙකු වූ නිසා නොව​,
ගමේ බයියන්ගෙන් පැවත,සමාජයේ ඉහළ ස්ථරයට ගිය​
අප වැනි උපධිධාරී බයියන්ට විරුද්ධව සෑම විටම පෙනී සිටි
නගරයේ ටොයියන් සමග ඔහු සිට ගත් නිසාවෙනි.
බයියන්ට බඩ හිස් වුවද​,
තමන්ගේම කියා මවු රටක් ඇත්නම් හිත පිරේ...
ටොයියන්ගේ බඩ පුරවා,
මවු රට වෙනකෙකු සින්නකර නොගතහොත් හිත නොපිරේ...
ඒ, බයියන් වීර පුරන් අප්පුලාගෙන් සම්භවය වී,
ටොයියන් සුද්දන්ගේ වළවු වල රාත්‍රී සේවා මුර කළ වුන්ගෙන් පැවත එන නිසාය​.
එනම්,බයියන්ගේ ජාන ප්‍රවේණි දර්ශය නුමුහුම් වන අතර​,
ටොයියන්ගේ ජාන ප්‍රවේණි දර්ශය මුහුම් වේ.
බයියන් සෑම විටම තම උත්සාහයෙන් ඉහලට නැගීමට වෙර දරන අතර​,
ටොයියන් දැන් ඇදුණුම්කම් සහ මුදල්  ඒ සඳහා භාවිතා කරයි.
බයියන් සෑම විටම රාජ්‍ය දේපළ වල සුළුතරය භුක්ති විදින අතර​,
ටොයියන් සෑම විටම රාජ්‍ය දේපළ වල බහුතරය භුක්ති විඳියි.
බයියන් ටොයියන්ගේ මතයට තරමක හෝ
ගරු කටයුතු ස්වභාවයක් දැක්වුවද​,
ටොයියන් සෑම විටම බයියන් ඉදිරියේ
දේවත්වය ආරෝපණය කර ගනියි.
බයියන් වෙර දරා පොර භාවයට පත් වන අතර​,
ටොයියන් පොර භාවයට පත්වීමට වෙර දරයි.
බයි-ටොයි සටන ඇරඹෙන්නේ එතැනය​...
බයියන්ගේ ආශීර්වාදයෙන් බලයට පැමිණි
''ප්‍රජාචන්ච වාදී'' මහින්ද,
ටොයි වෛරයට පාත්‍ර වන්නේ එහිදීය​.
මහින්ද රාජපක්‍ෂ​ තම විහරණයට කුමක් කළද​,
ඒ කිසිවක් අප බයි සිත් වල වේදනාවක්,කළකිරීමක් ඇති නොකළේ,
කුමක් වුවද බයියෙකු හිස ඔටුන්න රැඳි නිසාය​.
ඒ සතුට​,සැනසීම නිසාය​.
බයියෙකු ලෙස මහින්ද රට පාවා නොදෙන නිසාය​.
ටොයියන්ට නොරිසි වූ එම ක්‍රියා දාමය බිඳ හෙලීමට​,
බයියෙකුම ඕනෑ විය​.
කුමන්ත්‍රණය ක්‍රියාත්මක විය​.
අයිතිකරුවන් නොමැති මුදල් සෑමතැනකම ගලා ගියේය​.
ටොයි ටොපි කෑ ''හිටං'' මෛත්‍රී
එම ක්‍රියාදාමය අනුමත කොට ටොයි රථයට නැග්ගේය​.
එකිනෙකාට නොගැළපෙන අලි,කොටි,නරි,මාපිළුන් මෙන්ම​
බැටළු සම් පොරවා ගත් වෘකයින් ද,
සිංහ සම් පොරවා ගත් බූරුවන් ද,එහි සිටියහ​.
ඒත් ටොයි ටොපියෙන් මත් වූ මෛත්‍රී,
ටොයියනට කඩේ නොව,බේකරියටම ගියේය​.
අවසානයේ,ටොයි බුල්ටෝ කෑ ඇතැම් බයියන්ගේද,
කොලඹ 7 සුපිරි ටොයියන්ගේද,උතුරු නැගෙනහිර​
එල්.ටී.ටී.ඊ සහ ජිහාඩ් ටොයියන්ගේද කතිර අනුහසින්,
බයි රජ මහින්ද බයි ගම් බලා ගෙදරම ගියේය.
ප්‍රගතිශීලී බයියන් පැරදිණි...
ප්‍රාග් එෛතිහාසික යුගයේ සිට ටොයි පිළේ නායක​,
''යැංකි'' රනිල් සමග​,
අවසන් මොහොත දක්වා බයි පිළේ සිටි
''හිටං'' මෛත්‍රී සිටගත් මොහොතේ සිට ,
සඵල ''ටොයි විප්ලවය පාවා දුන් පියා'' යන​
ගරු නාමයට මෛත්‍රී පත් විය​.
එබැවින්,බයියන්ගේ කර මතින්,
ටොයියන් දින වූ ධීන ගමනක නිරත වූ මෛත්‍රීට​,
අදද අපි එක සිතින් වෛර කරමු.
කෙසේ නමුත්,
සියල්ල අවසානයේ,බයියෙකුම රටේ රජ වීම ගැන​
සිතෙහි සියුම් සතුටක් මෝඳු වෙමින් පවතියි.
වර්ථමාන බයි වෛරය​,අනාගත බයි ප්‍රේමයට​,
පරිවර්ථනය කිරීමේ ක්‍රියාදාමයට අනුගත වීමට​
පිට කොන්ද සහ බුද්ධිය පහළ වේවායි,පතමු...

         ........''චිරං ජයතු මෛත්‍රී''......

((((((((((((((((ඒකීය රටක් සඳහා බයි එකමුතුව​)))))))))))))

Saturday, January 17, 2015

නීතිය නොදන්නා නීතීඥයෝ...


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව
අගවිනිසුරු ධූරය දරන්නා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් තිබේ,
හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළේ
එම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙනි,
එසේ ඇස්පනාපිට සාධක උදාහරණ තිබියදී
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස්ට
ඉල්ලා අස්වනැයි නීතිඥ සංගම් විධායක සභාව
ඉල්ලීමක් කරන්නේ උන්
රටේ නීතිය වත් දන්නේ නැද්ද?
උන් උපාධිය හෝ සුදුසුකම අරගත්තේ හොරාටද?
හරි ක්‍රමයට ගියොත් කන බව දන්න නිසාද?
උන් හිතන්නෙ නීතියේ යුවතියගේ දෑස් බැදලා වගේ රටේ මිනිස්සුන්ගෙත් ඇස් වහන්නද?
නීති තර්ක වලින් ඇත්ත බොරුව වෙනස් කරන,
නීති පොත විතරක් කටපාඩම්,
සුදු කර මාල ගිරව්
රට පාලනය කරන්න සිහින දකින එක
නාකියෙක්,
තරුණියකගෙ Photo එකක් එක්ක බුදියලා
ළමයි හදන්න හීන දකිනවා වගේ වැඩක්...
හීනය සුන්දරයි,ප්‍රතිඵලය ශූන්‍යයයි...
සුදු කර මාල ගිරව් ගොන් කිරි බීල ඇති,
ඒත් රටේ මිනිස්සු බිව්වෙ මව් කිරි...
සුද්දන්ට ජාතක වෙච්ච උන් රට විනාස කරන්න වලි කෑවට,
පුරන් අප්පුලගෙන් පැවත එන වුන් තාම රටේ ඉන්නා බව මතක තියා ගත්තොත් බත් ඩිංගක් කන්න නඩුවක්වත් ලැබෙයි.
නැත්තන්,සදා හුලන්  විස්කොතු...
බයියන්ට ටොය්යො විය නොහැක,කියල ඉස්සෙල්ලාම 19 වන සංශෝධනයට
ඇතුල් කළොත් ඇගට ගුණය...
වත්මන් ජනපති පත්වූයේ මහජන ඡන්දයෙන් මිසක්,
නීතීංඥ සංගමයේ ඡන්දයෙන් නොවේ.
බයියන්ට ටොය්යො විය නොහැක,නමුත් ටොයියෙකු සේ රග පෑ හැක.
මොහාන් පීරිස් තවදුරටත් අගවිනිසුරු වන අතර,
උපුල් ජයසූරියට ලබන ආත්මයේ එයට උත්සාහ කළ හැක.

****************ලංකා ලෝමා*************